මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්‍රාසර්

(Kayleigh Fraser) නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අද (29) මුණගැසීමට නියමිතව තිබූ බව 'ඩේලි මේල්' වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එහිදී කෙලී ෆ්‍රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළ බව ඩේලිමේල් පුවත්පත පෙන්වා දී තිබේ.

ගාලුමුවදොර අරගල සමයේ මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණිය 'අරගලය'ට සහයෝගය දැක්වූ බවට එල්ල වූ චෝදනාව මත ඇයගේ වීසා බලපත්‍රය අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබු අතර ඇය මේවනවිට අතුරුදහන්ව ඇත.


මුලාශ්‍රය :

British woman trapped in Sri Lanka for 13 months says she is 'out of hope' as she stays on the run from authorities who seized her passport after she filmed civil protests


සබැඳි පුවත් :

අරගලය ගැන ලෝවට කියූ බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අරගලයේ සිටියදී වීසා අවලංගු වූ බ්‍රිතාන්‍ය තරුණිය අතුරුදහන් !

වීසා අවලංගු කළ බ්‍රිතාන්‍ය තරුණියගෙන් අධිකරණයට පෙත්සමක

වීසා කැන්සල් වූ බ්‍රිතාන්‍ය තරුණිය අරගලය ජාත්‍යන්තරයට ගෙනයයි !

 

JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්