බඳින තුවක්කුවක් පත්තු වීම නිසා ඉදිරි වම් පාදයට බරපතල හානි සිදුව තිබූ අග්බෝ ඇතා

දැන් දිනකට 4Km පමණ දුරක් ගමන් කරන බව වනජීවී නිලධාරීහු පවසති.

''මේ දවස්වල අග්බෝ ඉන්නේ තිරප්පනේ, වන්නම්මඩුව වැව කිට්ටුව. අපි මාස තුනකට වැඩිය අග්බෝ එක්ක කැලේ ඉන්නේ. දැන් ඌ සැර වෙලා. අපි දෙන කෑම වලට අමතරව කැලේ තියෙන දේවලුත් කන්න පටන් අරගෙන. අපේ කණ්ඩායමේ 10ක් 12ක් පැය 24ම අග්බෝ ගැන විමසිල්ලෙන් ඉන්නේ.'' යනුවෙන් තිරප්පනේ වනජීවී අඩවි සහකාර බිමල් එරංග හේරත් BBC සිංහල සේවයට පැවසුවේය.

''අපිට කොලර් එකක් දාලා මේ ඇතාව මොනිටර් කරන්න පුළුවන්. නමුත් භුමියේ ඉඳලම මේක කරන්නේ ඇතාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි අවදානයක් යොමු කරන නිසා'' යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. 

dsdfsd

 

 
(BBC සිංහල සේවය)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්