leader s

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.


මේ හේතුවෙන් මේ අවස්ථාවේදී සේවකයන්ට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

 මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවාවට ඇති අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන් මෙම ගුවන් ගමන් වාර සීමා පැවැත්වීමට අයිතිය ලබාදීමට තීරණය කළ බව ඇමතිවරයා කීවේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක් ද ඒ සඳහා පොළියක්ද ගෙවිය යුතු බව පැවසූ අමාත්‍යවරයා ගුවන් සේවාවේ ඵලදායිතාව වැඩි කළහොත් ඵලදායිතාව පදනම් කරගෙන යම් ගෙවීමක් කළ හැකි බවද වෘත්තිය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් අටක් පමණ එකවර ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව කරුණු විමසීම සඳහා එම ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (2) පැවැත්විණි. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඒ අවස්ථාවේදීය.

පසුගිය දිනවල ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු වූ අතර ඇතැම් ගුවන් ගමන් වාරවල ප්‍රමාදයන් දිගින් දිගටම සිදුවුණි.

ඇතැම් විදෙස් සංචාරකයින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අකාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් අන්තර්ජාලය වෙත මුදාහැර ඇති අතර මෙම තත්ත්වය සංචාරක ව්‍යාපාරයට අවාසිදායක ලෙස බලපා ඇතැයි වාර්තාවේ. 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්