නෙත් FM මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට ගෙන ඒමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තුවේදී ඊයේ (03) විරෝධය පළකර සිටියේය.

Neth FM ප්‍රවෘත්ති ප්‍රධානි හේමන්ත කහවලගේ, මාධ්‍යවේදී සචින් රවීෂ, ස්වප්නා කාවින්දි හා පවිත්‍රා මධුහර්ෂණී යනාදීන් චේතනාන්විතව බොරු කිව් බවට චෝදනා කරමින් වරප්‍රසාද කමිටුවට කැදවා ඇති බවත්, මෙවැනි මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලින්ට යොමු නොවන ලෙසත් විපක්ෂ නායකවරයා, ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සමාජ මාධ්‍ය ආරක්ෂකණ පනතත් මෙවැනිම මර්දනකාරී පනතක් බවත් එබැවින් මාධ්‍යවේදීන් ඉලක්ක කර සිදු කරන මෙවැනි මර්දන නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියේ ය.

තමාට කොතරම් මඩ ගසා තිබෙනවා දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා, මෙවැනි පිළිවෙතක් අනුගමනය කරනවා නම් කීදෙනෙක් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නට ඕනෑ දැයි විමසීය.

කතානායකවරයා හෝ මැදිහත් වී මාධ්‍ය නිදහස අහුරන ක්‍රියා නතර කළ යුතුව ඇති බවද විපක්ෂනායකවරයා කීය.

එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පැවසූයේ, වරප්‍රසාද කමිටුව යනු නරක තැනක් නොවන බවත් සාකච්ඡා කොට කරුණු විසඳාගත හැකි බවත් ය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්