leader s

චීනයෙන් හමු වූ නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට චීන වැසියන් 106 දෙනෙකු ජීවිතක්ෂයට

පත්ව ඇති අතර තවත් 4515 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් ද කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා සඳුදා (ජන: 27) දිනයේදී තහවුරු විය.

චීනයෙන් හමුවූ නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද (ජන: 28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.

එහිදී ඇය ප්‍රකාශ කළේ, "ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුකූලව" වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

 

ශ්‍රී ලංකාවට චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් ගන්නා පියවර

කොරෝනාවෛරසය

 අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ, චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් පරීක්ෂා කිරීම සඳහා වෙනම ප්‍රවේශයක් වෙන් කර ඇති බවය.

චීනයේ වුහාන් පළාතේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දියතලාව හමුදා කඳවුරේ සති දෙකක කාලයක් රඳවාගෙන පරීක්ෂා කිරීමටත්, සෙසු පුද්ගලයින් ඔවුන්ගේ text 28 8නවාතැන්පොළවල සිටියදී ම නිරන්තර පරීක්ෂණවලට ලක් කරන බවත් ඇය පැවසීය.

"ඊයේ රෑ මම කටුනායක ගුවන් තොටුපළ පරීක්ෂාවට ලක් කළා. එතන සෑහීමකට පත් වෙන්න පුළුවන් ප්‍රමාණයේ මානව සම්පත් සහ උපකරණ එහි රඳවා තියෙනවා."

 

පාසල් වසනවා ද?

පවතින තත්ත්වය යටතේ පාසල් වසා දැමීමක් සිදුවන්නේ ද? යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට පියවර ගන්නා බවය.

කෙසේ වෙතත්, පාසල් ආශ්‍රිතව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

චීනේ වගේ පහසුකම් අපට නැහැ කොරෝනා ගැන පවිත්‍ර මාධ්‍යට කිව්ව කතාව

 

පරීක්ෂණ සඳහා තවත් රෝහල්වලට පහසුකම් Anil Jasinghe

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, අංගොඩ උණ රෝහලට අමතරව තවත් රෝහල් රැසකට අදාළ වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවය.

ඒ අනුව, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ, මීගමුව, මහනුවර, අනුරාධපුර, කරාපිටිය, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව සහ බදුල්ල යන රෝහල්වලට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන්ට එම රෝහල්වලදී හුදෙකලාව ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

"රෝහල් කාර්ය මණ්ඩලවලටත් අනතුරුදායක තත්ත්වයක් නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අපි පෞද්ගලික ආරක්ෂිත උපකරණ (Personal Protective Equipments) ලබා දීලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට ශරීර ආවරණ, මුඛවාඩම් සහ බූට්ස් යන සියල්ල ලබා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට තවත් එම උපකරණ තොගයක් අද ලැබෙන්න නියමිතයි."

 

චීන කාන්තාවගේ තත්ත්වය:

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ චීන ජාතික කාන්තාවගේ තත්ත්වය මේ වන විට බරපතළ නොවන බවය.

ඇයට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දුන් අතර ඇයගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඔහු පැවසීය.

 

මුඛවාඩම් හිඟයක්

Image result for මුඛවාඩම්

text 28 9 කොරෝනා වෛරසය පිළිබඳව සමාජයේ අවධානය යොමු වීමත් සමග මේ වන විට වෙළෙඳපොළේ ශල්‍ය මුඛවාඩම් හිඟයක් පවතින බවත් රු. 84ක්ව පැවති මුඛවාඩමක මිල මේ වන විට රු. 500 දක්වා ඉහළ ගොස් ඇති බවත් මාධ්‍යවේදීහු එහිදී පෙන්වා දුන්හ.

ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පැවසුවේ, මේ වන විට වෙළෙඳපොළේ මුඛවාඩම් ඉල්ලුම ඉහළ ගොස් ඇති හෙයින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවය.

"අපි ඒවා නිපදවන සමාගම් තුනක් සමග සාකච්ඡා කරලා ඉල්ලීමක් කළා මුඛවාඩම් නිෂ්පාදනය වැඩි කරන්න කියලා. ඒ අය අපට කිව්වා මුඛවාඩම් හදන්න අමුද්‍රව්‍ය ගේන්නෙත් චීනයෙන් කියලා. ඒ නිසා අපි කිව්වා වෙනත් රටවලින් හරි අමුද්‍රව්‍ය ගෙනල්ලා නිෂ්පාදන වැඩි කරන්න කියලා."

මෙහිදී වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, ශ්‍රී ලංකාව තුළ මුඛවාඩම් පැළඳීම අත්‍යවශ්‍ය නොවුව ද ඒවා පැළඳීම වඩාත් ආරක්ෂාකාරී බවය.

මුඛවාඩම් සහ ඒවායෙහි මිල සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ වී තිබූ අදහස් කිහිපයක් පහත දැක්වේ.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දුන් උපදෙස්

    1 -ශල්‍ය මුඛවාඩම් පැළඳීම
    2 -ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වැළකීම
    3 -මහජන රැස්වීම් අවම කිරීම
    4 -සබන් දමා අත් සේදීම
    5 -ඇස් සහ නාසය ස්පර්ශ කිරීම අවම කිරීම

නව කොරෝනාවෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම හෝ තොරතුරු දැනුම් දීම සඳහා පහත දුරකතන අංක භාවිත කළ හැකිය.

    0710 - 10 71 07
    0113 - 07 10 73

 

කරුණාකර ජනතාව කුලප්පු කිරීමෙන් වළකින්න...

මේ අතර සිය FB පිටුවේ සටහනක් පළකර ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරික මනෝරම වීරසිංහ මෙසේ සඳහන් කර තිබේ.

''තවමත් ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමක් ගැන වාර්තා නොවන අතර විදෙස් රෝගීන් කිහිප දෙනෙකු හඳුනාගැනීම ගැන පමණක් වාර්තා වෙයි..

එබැවින් මෝඩ පෝස්ට් දමමින්, වෙබ් පඩංගු සහ පත්තර පඩංගුත්, ඒවා රස කරමින් කියවන මාධ්‍ය කරු පඩංගුවනුත් නිසි ලෙස සොයා බලා වාර්තා කළ යුතුය.

එබැවින් රට තුළ තවම අවදානමක් නැත!

අවදානම ඇත්තේ මන්දබුද්ධික ගුවන්තොටුපළ සත්ත්ව හා ශාඛ පමණක් නොව මිනිස් නිරෝධායනයේද යෙදෙන්නන්ගේය. ඔවුන් හරි හැටි රාජකාරිය කළහොත් රෝගය කටුනායකින් නවතින අතර මීගමුව රෝහලෙන් කෙළවර කළ හැකිය.

කරුණාකර චීනයේ අවුරුදු නිවාඩුවට ගිය උන් නැවත රාජකාරියට වාර්තා කර ඇත්දැයි සොයාබලා ඒ අවට සිටින අය පරෙස්සම් කරන්න...''

(මුලාශ්‍රය -බීබීසී සිංහල සේවය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්