යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සංජය වනසිංහට ලබා දිමට තිබූ සේවා දිගුව ජනාධිපතිවරයා විසින් අවලංගු කර ඇති බවට වාර්තා වේ.


එම තත්වය තුළ ලබන ඔක්තෝබර් 13 වැනිදාට වයස අවුරුදු 55 සපුරන වන මේජර් ජනරාල් සංජය වනසිංහ විශ්‍රාම ගැන්වීමට නියමිතය. 

ආරක්ෂක අමාත්‍යංශය විසින් ඔහුට ලබා දිමට නියමිතව තිබූ සේවා දිගුවට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත්තේ නිසි ක්‍රමවේදයකින් තොරව බවට 'නෙත් නිවුස්' වාර්තා කරයි.

සාමාන්‍යයෙන් එලෙස සේවා දිගුවක් ලබා දීමට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත යවනු ලබන්නේ වෙන් වෙන් වශයෙන් වුවද, ආරක්ෂක අමාත්‍යංශය විසින් යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සංජය වනසිංහට සේවා දිගුවක් ලබා දීමට අදාළ ලේඛනය ජනාධිපති වික්‍රමසිංහ වෙත යොමු කර ඇත්තේ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේද නම් සඳහන් කරමිනි.

අදාළ ලේඛනයේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීයාගේ නම සඳහන් කර ඇත්තේ දෙවන ස්ථානයට බව 'නෙත් නිව්ස්' වැඩිදුරටත් පවසයි.

රජය සහ ජනාධිපතිවරයා සිතා මතා අපහසුතාවයට ලක් කිරීමේ අරමුණින් එලෙස නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අදාළ ලේඛන නිකුත් කර ඇති බවට ඇතැමුන් චෝදනා කරති. 

මිට පෙර යුද හමුදා ඉතිහාසයේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සිටී කිහිප දෙනෙකු සඳහා සේවා දිගු ලබා දීමට පසුගිය කාලයේ රජයන් විසින් කටයුතු කර තිබිණ. 

ඒ අතරට සරත් ෆොන්සේකා, ශවේන්ද්‍ර සිල්වා, දම්පත් ප්‍රනාන්දු, සත්‍යප්‍රිය ලියනගේ යන නිලධාරින්ට මෙන්ම මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරිට සේවා දිගු ලැබී තිබිණ. 

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, මින් පෙර සම්ප්‍රදායෙන් පිට වැරදි ක්‍රියාමාර්ග ගෙන ඇති පමණින් එය තවදුරටත් ඉදිරියට කරගෙනයාමට ජනාධිපතිවරයා අකමැත්ත ප්‍රකාශකර ඇති බවයි. 

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සංජය වනසිංහ විවාහව සිටින්නේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ වැඩිමල් සොයුරිය යි. 

සංජය වනසිංහ ගේ පියා වන හැමිල්ටන් වනසිංහ ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ධුරය දරා ඇති අතර සේවා දිගුවකින් පසු සංජය වනසිංහ ද යුධ හමුදාපති ධුරයට පත්වුයේ නම් එය ලෝක හමුදා ඉතිහාසයට එක්වීමේ අවස්ථාවක් වීමට ඉඩ තිබිණ. 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්