ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් ඒ හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙරෙහි ජන ප්‍රසාදය ඉහළ නංවා ගෙන ජනාධිපතිවරණයකට යාමට නොහැකි තත්ත්වයක් උදාවන්නේ නම්,

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ජනමත විචාරණයක් කැඳවීමට බැසිල් රාජපක්ෂ පාර්ශ්වය විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යෝජනාවක් කර ඇතැයි පොදුජන පෙරමුණු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ. 

පසුගිය දිනෙක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ  අතර හමුවක් පැවති ඇතැයි ද එහිදී ජනාධිපති වික්‍රමසිංහ හට සහාය නොදෙන පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම අමාත්‍ය ධූරයන් පිළිබඳවද සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ලැබෙන අතර මෙහිදී එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද සාකච්ඡා සිදුවී ඇත.

පොහොට්ටුව ඇතුළු පුළුල් සන්ධානයකින් සහ ජනාධිපතිවරයාට වාසි සහගත වාතාවරණයක් යටතේ ජනාධිපතිවරනයට යා නොහැකි නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් කැඳවා ඊළඟට මහ මැතිවරණයකට යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවන් සිදුව ඇත. එහිදී උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එකතු කර ගන්නේ කෙසේද යන්න ගැන සිතිය යුතු බවට ජනාධිපති වික්‍රමසිංහගේ පාර්ශවයෙන් අදහස් ඉදිරිපත් වී ඇත. 

මේ අනුව මුලින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කැමතිද අකමැතිද යන්න ජනමත විචාරණයක් පවත්වා එය ජයග්‍රහණය කර පසුව පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බව ද එහිදී නව ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ලබන වගන්තියක් හරහා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තව යම් කාලයකට රටේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ යුතු බව ද අදහස් පල වී ඇත.

(කේ සංජීව - අනිද්දා පුවත්පත)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් කැඳවීමට ගෙන ඇතැයි කියන තීන්දුවක් සම්බන්ධයෙන් 'ලීඩර් TV ' නාලිකාව පසුගිය දින වල අනාවරණ කිහිපයක්ම සිදු කර තිබිණ. 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්