විදුලි වාහන හා දෙමුහුන් වාහන එකලස් කරන සමාගමකට සම්පූර්ණ බදු සහන දුන්නේ කාගේ වුවමනාවට දැයි අනුර කුමාර දිසානායක ඔක්තෝබර් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 


එම බදු සහන බෙදෙන්නේ සාගලගේ යාලුවට බවද ඔහු එහිදී කීය.

එමෙන්ම දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කළේ ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් වෙනස් කර ශූන්‍ය බදු සහන දී ඇති බවයි. 

ආණ්ඩුව ගජමිතුරු සමාගම් වලට බදු සහන ලබා දෙන බවද, ඒවා පිටුපස සිටින්නේ කවුද යන්න ද ප්‍රශ්න කළ දිසානායක මන්ත්‍රීවරයා, එම සමාගමට බදු සහන දීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කළේය. 



(ඉදුවර බණ්ඩාර - අනිද්දා පුවත්පතින්)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්