තම සැමියාට යුක්තිය දිනා ගැනීමේ සටන දින  5000ක සීමාව පසු කළ බව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රකාශ කරන්නීය.

දින 5000 ක තම නොනිමි අරගලය සිහිපත් කරමින් පසුගිය ඔක්තෝම්බර් 4 දා කොට්ටාව, මාකුඹුරේ පිහිටි ප්‍රදීප්ගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී දින 5000ක් පුරා තමන් අපහාස උපහාස විඳ ගනිමින් තම ස්වාමියාට යුක්තිය ඉටුකර ගැනීම සඳහා අරගල කළ බවත් තමන්ට සාධාරණයක් ඉටු නොවුණ බවත් සාධාරණය බලාපොරොත්තු විය නොහැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

මේ නිසා තමන් අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලීමට තීරණය කළ බවත් තමන්ට වෙන කරන්නට කිසි දෙයක් නැති බවත් ප්‍රකාශ කළ ඇය අවසානයේ දී මෙසේද ප්‍රකාශ කළාය.

"යහපාලන කාලයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මට කතා කරලා කිව්වා, බයවෙන්න එපා ප්‍රගීත්ට යුක්තිය ඉටු කරන්න උදව් කරන්නම් කියලා. අද ඔහු ජනාධිපති. මම ඔහුගෙන් ඉල්ලන්නේ අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වෙන්න කියලා නෙමෙයි. ඒ ක්‍රියාවලිය සාධාරණව කරගෙන යන්න බාධා කරන එක නවත්වන්න කියලා.


(කේ සංජීව - අනිද්දා පුවත්පත)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්