රුපියල් ලක්ෂ 50 ට වඩා වැඩි දේපළ වැරදි පිළිබඳ හෝ ආරවුලක් පිළිබඳ පොලිස් ස්ථාන වෙත

ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා විසින් ඔක්තෝම්බර් 3 දින සහිතව නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන් / අධ්‍යක්ෂවරුන්,කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජේෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් හා මූලස්ථාන පොලිස් පරීක්ෂක වරුන්ට හා ස්ථානාධිපතිවරුන් ට යොමු කර තිබේ.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ශන වලට අමතරව එම පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානයේ  අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති වරයා විද්‍යුත් පණිවිඩයක් මගින් දැනුවත් කරන ලෙස ද පොලිස්පතිවරයා විසින් ඒ මගින් පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත.

මේ අනුව දේපළ සොරකම් කිරීම, බලෙන් ලබා ගැනීම, කොල්ලකෑම, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, වංචා කිරීම, අනර්ථය ඒ හා සම්බන්ධ ලැබී ඇති වෙනත් වැරදි, ලක්ෂ 50ට වැඩි ආරවුල් යන පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති වරයා දැනුවත් කිරීම සිදුකළ යුතුය.


(ඉඳුවර බණ්ඩාර - අනිද්දා පුවත්පතින්)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්