leader s

ගාලු මුවදොර වෙරළ තීරයේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.


ඊයේ (10) කොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන උස අඩි 05 අඟල් 5ක් පමණ වන හිස මුඩු කර ඇති තළෙළු සාමාන්‍ය සිරුරැති  අයෙක් බව පොලීසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

වෙර‍ළේ තිබී මෙරුන් පැහැති වර්ණයෙන් යුතු අඳන කඩයක් හමුවී ඇති අතර ඒ අනුව මෘත ශරීරය ස්වාමින්වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැකකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදුකරයි.

(adaderana.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්