leader s

එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු තනතුරක් වෙනස් නොකළ යුතු බවට පක්ෂයේ 'මධ්‍යම කමිටුව' ඊයේ (12) තීරණය කර ඇතැයි 'ලංකාදීප' පුවත්පත

 වාර්තාකර ඇත.

එක්සත් ජාතික පක්ෂය ටිකෙන් ටික ඉදිරියට ගෙන ඒම සඳහා පක්ෂයේ වත්මන් නායකයින් ඉතා උනන්දුවෙන් දර දිය ඇද කටයුතු කොට ඇති හෙයින් ඉදිරි වැඩ කටයුතු ද එම නායකයන්ට කරගෙන යාමට ශක්තිය ඇති බව 'මධ්‍යම  කමිටුව'ට සහභාගී වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

ජනාධිපති වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පක්ෂ 'මධ්‍යම කමිටුව' ඊයේ පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය රවී කරුණානායක ට පක්ෂ නියෝජ්‍ය නායක ධුරය හෝ මහ ලේකම් ධුරය ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ  යෝජනාවක් ද මධ්‍යම කමිටුවේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර වර්තමානයේ පක්ෂ  තනතුරු වල  කිසිදු වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් නැති බව එහිදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කර ඇතැයි ද 'ලංකාදීප'  පුවත් වාර්තාවේ සඳහන් වේ.

 එක්සත් ජාතික පක්ෂයේ නායක, මහලේකම් සහ සභාපති තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කර නායකත්ව මණ්ඩලයක් ඇති කළ යුතු බවට මීට පෙර යෝජනාවක් පැමිණ තිබූ අතර එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බවද ඊයේ පැවති 'මධ්‍යම කමිටුවේ' දී තීරණයකට එළැඹ තිබෙන බවද 'ලංකාදීප' වැඩිදුරටත් කියා සිටියි. 

එම පුවත්පත් වාර්තාවට අනුව, මෙහිදී අදහස් දක්වමින් පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසා ඇත්තේ, සියලු දෙනාම එකමුතු වී එකා මෙන් ඉදිරි ගමන යා යුතුව තිබෙන බවයි.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් ද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ පක්ෂයේ තනතුරු දරන්නන් රට වටා ඇවිදිමින් පක්ෂයේ බිම් මට්ටමේ ගොඩනැගීමේ කටයුතු නිසියාකාරව සිදු කරමින් සිටින බවයි.

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්