ජනාධිපති වික්‍රමසිංහ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක්

අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

බුද්ධි ගලනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධන ඇතුළු කරුණු 08කින් යුත් යෝජනාවලියක් මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණි.

සිය චීන නිල සංචාරය නිම කොට නැවත පැමිණිමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමුවී එම කරුණු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

‍පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, උප සභාපති වෛද්‍ය චන්දික එපිටකටුව ඇතුළු සංගමයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
ජනාධිපතිවරයා සමග සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ එම සාකච්ඡාව සාර්ථක බවයි.
 
{gallery}HE-GMOA{/gallery}

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්