leader s

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, විදෙස් ගමන් තහනමකට ලක්ව සිටි සැකකරුවෙකුට රටින් පිටවීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත අදාළ සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ බව පවසමින් ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනාව මත ය.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ ලිපිය යතුරුලියනය කළ, නඩු ගොනු රඳවා තබන ස්ථානයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන ඇතැයි සඳහන් ය.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්