leader s

චීනයේ වුහාන්හි රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගෙන පැමිණි ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත්

යූ.එල් 1423 දරණ ගුවන් යානය විශේෂ නිරෝධායන කටයුත්ත යොමුකිරීමට නියමිත අතර, ඒ අනුව එම යානය සාමාන්‍ය මගී ගමන් සදහා යොදා ගැනීම දින කිහිපයක් සිදු නොකරනු ඇතැයිද වාර්තා වෙයි.

මෙම යානය අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වනු ලැබූ අතර එහි සිටි සිසුන් 33 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලයද දෙසතියක කාලයක් දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැදවීමට නියමිත බව වාර්තාවේ.

රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

 

සිසුන් 604 දෙනෙකු ඇවිත් ..

 

මේ අනුව මේ වන විට චීනයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 604 දෙනෙකු මෙරටට එවා ඇති බව බීජිං හි ශ්‍රී ලංකාවේ වැඩබලන තානාපති කේ.කේ යෝගනාදන් පැවසුවේය.

තවත් සිසුන් 204 දෙනෙකු චීනයේ රැදී සිටින අතර ඔවුන් ද ඉදිරි දින කිහිපය තුළ මෙරටට ඒවිමට කටයුතු සූදානම් කර ඇති බව කේ.කේ යෝගනන්ද වැඩිදුරටත් සදහන් කළේය.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්