leader s

විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි

අනාවරණය වී තිබේ.

ඒ, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදීයි.

ඉන් වාහන 75ක්ම ගෙන්වා ඇත්තේ, එක් ආයතනයක් මගිනි.

වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්‍ර අලෙවි කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කර තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 250,000ක් වටිනා බලපත්‍රය අලෙවි කිරීමට රුපියල් මිලියන 5ක තීරු බද්දක් අය කරන බව ද කාරක සභාව හමුවේ අනාවරණය විය.

ඒ හරහා ජාවාරම්කරුවන් විශාල ආදායමක් උපයා ඇත්තේ, රජයේ බදු ආදායම ද අහිමි කරමිනි.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක එහිදී දැනුම් දී ඇත්තේ, විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ලෙස භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි.

අදාළ වාහන සඳහා නිසි පරිදි තීරු ගාස්තු අය කළේ නම් රටට ලැබිය යුතු ආදායම ගණනය කරන ලෙස සභාපතිවරයා, ශ්‍රී  ලංකා ‍රේගුවට නි‍ර්දේශ කළේ ය.

අදාළ බලපත්‍රය, විධිමත්ව භාවිත කිරීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් වුණි.

(News 1st)


 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්