leader s

මෙවර අයවැයෙන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීමට සුදානම් බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'අද දෙරණ' වාර්තා කර ඇත.

ඒ අනුව, එළැඹෙන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට යෝජිත බව පැවසෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි ද 'අද දෙරණ' තවදුරටත් කියා සිටියි.

ඊට හේතුවී ඇත්තේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ හෝ ඔක්තොම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා ලබන වසරේ දෙසැම්බර් මස 31 වනදාට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීම බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

කෙසේවෙතත් ලබන වසරේ මාර්තු මාසයේ දී මහ මැතිවරණය පැවැත්වුවහොත් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවත්, එවිට හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇති බවත්, එම සියලු පාර්ශවයන් අනතුරුව ජනාධිපතිවරයා වෙත ගොස් නව ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි කටයුතු කරගෙන යාමට ද හැකියාව පවතින බවත් 'අද දෙරණ' පවසයි.

එහෙත් මහා මැතිවරණයක් අදාළ කාලසීමාව තුළ පැවැත්වෙන්නේද? නැත්ද? යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැතැයි 'අද දෙරණ' වැඩිදුරටත් කියා සිටියි.

ජනාධිපතිවරණය ලබන වසරේ - ජනාධිපතිගෙන් සහතිකයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පවත්වන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයද පවත්වා 2025 මුල් කාලයේ දි පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපති වික්‍රමසිංහ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී සෙනසුරාදා  (21) පස්වරුවේ පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ  විශේෂ මහා සම්මේලනයෙදී පැවසිය.

එක්සත් ජාතික පක්ෂයට එම සියලු මැතිවරණ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්