හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකික

සාත්තු සේවිකාවක වන කැලණිය, ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අනුලා රත්නායක ජයතිලකගේ දේහය ඊයේ ( ඔක්. 23 වැනිදා ) හඳුනා ගනු ලැබූ බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසීය.

දේහය හඳුනා ගැනීමට පවුලේ සාමාජිකයන් වීඩියෝ මාර්ගයෙන් එක්වූ බවද තානාපතිවරයා කියා සිටියේය.

"අනුලා ජයතිලක මහත්මියගේ දේහය හඳුනා ගැනීමට ඊශ්‍රායල් බලධාරීන් කටයුතු යොදා තිබුණා. ඒ අනුව එතුමියගේ පවුලේ සාමාජිකයින් පවා වීඩියෝ මාර්ගයෙන් ඊට එක්වුණා."

"ඊට අමතරව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්, ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ PIBA ආයතනයේ නිලධාරීනුත් මේ අවස්ථාවට සහභාගි වුණා."

"එහිදී එතුමියගේ දේහය හඳුනා ගනු ලැබුවා. ඒ අනුව හෙට ( ඔක් 25) දිනයේදී මෙරට සිටින ලංකාවේ අයට දේහයට අවසන් ගෞරව දක්වන්න අවස්ථාව ලැබෙනවා වගේම ආගමික වතාවත් කරන්න පියවර ගෙන තිබෙනවා."

"ඉන් පසුව ළඟම දින තිබෙන ගුවන් යානයෙන් එතුමියගේ දේහය ශ්‍රී ලංකාව වෙත යැවීමට කටයුතු කරනු ලබනවා." තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

වීසා නොමැතිව ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට ලැබෙන සහනය

තමන් කරන ලද ඉල්ලීමක් අනුව දැනට වීසා සහිතව ඊශ්‍රායලයට පැමිණ එහෙත් වීසා අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත් අලුත් කිරීමටත්, ඔවුන්ට කෘෂිකර්ම අංශයේ රැකියා ලබා දීමටත් එරට බලධාරීන් එකඟවූ බව තානාපතිවරයා සඳහන් කළේය.

ඊශ්‍රායලයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ආහාර නිෂ්පාදනය වැඩිකිරීම, අහාර ගබඩා කිරීම හා ආහාර සුරක්ෂිතභාවය සඳහා ගන්නා පියවරක් වශයෙන් කෘෂිකර්ම අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් ඇතිවී තිබේ.

ඊට අමතරව දැනට වීසා නොමැතිව සිටින සාත්තු සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයන් සදහා ද වීසා ලබාදෙන ලෙස කළ ඉල්ලීම අනුව එලෙස සිටින පිරිස පිළිබඳ තාරතුරු ඉල්ලා සිටි බැවින් අදාළ තොරතුරු එක්රැස් කිරීමට අද සහ හෙට (ඔක්තෝම්බර් 24 හා 25 දිනවල) තානාපති කාර්යාලය කටයුතු කරගෙන යන බව තානාපතිවරයා පැවසීය.

xzdrt45වීසා කාලය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොගොස් සිටින ලාංකිකයන්ගේ වීසා බලපත් අලුත් කිරීමට ඊශ්‍රායල් බලධාරීන් එකඟවූ බව එරට ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේය.


"මේ දැනුම් දීම මත මේ වෙද්දී තානාපති කාර්යාලයට 500 කට ආසන්න ලාංකිකයින් පිරිසක් පැමිණ සිටිනවා. අපි ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කිරීම් මේ වෙද්දී ආරම්භ කර තිබෙනවා. ඒ වගේම හැකි ඉක්මණින් වීසා බලපත් අලුත් කිරීමට පියවර ගන්නවා."

ඊශ්‍රායලය තුළ වලංගු වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 1600- 2000 අතර පිරිසක් සිටින බවට අනුමාන කරනවා." තානාපතිවරයා පැවසුවේය.

"දැනට වලංගු වීසා බලපත් නොමැතිව ඊශ්‍රායලයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඒ සඳහා තොරතුරු ලබා දෙන ලෙසත් තම ගුවන් ගමන් බලපත්‍රය රැගෙන පැමිණ එහි පිටපතක් තානාපති කාර්යාලයට ලබා දී ලියාපදිංචි වන ලෙසට තානාපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image