සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ මාස ගණනක් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි, ලේඛක ශක්තික සත්කුමාර විසින් ගොනුකර

ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (26) දිනයේ විභාගයට ගැනීමට නියමිතය. 

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සටහනක් පළකර ඇති ලේඛක ශක්තික සත්කුමාර මෙසේ සඳහන් කර තිබේ.

'' මා විසින් මුහුණු පොතෙහි පළ කළ අර්ධ කෙටි කතාවන් ලාංකේය භික්ෂුවට සහ බුදු දහමට අපහාසයක් වන බව කියමින් 2019 අප්‍රේල් 01 වන දින මා පොල්ගහවෙල ‌පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. එම අත්අඩංගුවට ගැනීමත් දින 130 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් මගින් මාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බැවින් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (26)දින නැවත වාරයක් විභාගයට ගැනීමට නියමිතය. පොල්ගහවෙල ‌පොලීසියේ ස්ථානාධිපතිවරයා, හිටපු පොලිස්පති සහ නීතිපති වගඋත්තරකරුවන් ලෙස ගෙන පවරන ලද මෙම නඩුව සඳහා මා වෙනුවෙන් හෙට දිනයේ දී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඇතුලු නීතීඥ කණ්ඩායම ඉදිරිපත්වීමට නියමිතය. මෙරට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අපි ගෙනයන අරගලයට මධ්‍යස්ථ මතධාරී සියලුදෙනගේම සහයෝගය ඉදිරියට ද අපේක්ෂා කරමු.''

c1f74303d2e9fe86004dc43cc969e023 XL

ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් ශක්තික සත්කුමාර හෘද සාක්ෂිය නිසා සිරගත කරන ලද්දෙක් ලෙස නම් කරන ලදී.

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය.


1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනිමක් ලබා දීම සිදුව තිබේ.

2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මෙරට ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නොවන මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙම පනත හරහා අපේක්ෂා කෙරේ.

 

කෙසේවුවද, මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඇති මෙම පනත යොදා ගනිමින් මෙරට දී අත්අඩංගුවට ගත් මුල්ම තැනැත්තා ලෙස සඳහන් වන්නේ ලේඛකයකු වන ශක්තික සත්කුමාර ය.

 

භික්ෂූන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබු අතර "අර්ධ" නමින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

අත්අඩංගුවට ගෙන දින 130 ක කාලයක් බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඔහුට ඇප මත මුදා හරිනු ලැබුවේ 2019 අගෝස්තු 08 දිනය.

ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී 2021 පෙබරවාරි මස 9 වනදා විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අධිකරණය වෙත යොමු කළ වාර්තා සලකා බැලු මහෙස්ත්‍රාත් අධිකරණය හෙතෙම එම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

සබැඳි පුවත් :
තනියම නඩු කියන ශක්තිකගේ කතාව..! - Saman4You වීඩියෝවක් 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්