leader s

කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව පවසන එම ආරංචි මාර්ග එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද  සඳහන් කළේය.

අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා රජයට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.

මේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරුන් දස දෙනකුට අමාත්‍ය ධුර දෙන ලෙස එම පක්ෂයේ නායකයන් මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීම් කර තිබිණ. එහෙත් එම ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඇවිටිලි නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබිණ.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිගින් දිගටම අසාධාරණ කම් සිදු වුවහොත් අයවැය හෝ වෙනත් තීරණාත්මක අවස්ථාවලදී සුදුසු ප්‍රතිචාර දක්වන බව එම පෙරමුණේ මන්ත්‍රීවරු ගණනාවක්ම පසුගිය කාලයේදී ප්‍රකාශ කළහ.

 මේ අතර සමහර ඇමැතිවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය ඉතා පහළ මට්ටමක පවතින බව රජයට පෙනී ගොස් ඇත. මේ අනුව අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනකුද ඉදිරි දිනවල වෙනස් කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඇතුළු අමාත්‍ය ධූර තුනක් ජනාධිපතිවරයා විසින් පසුගියදා වෙනස් කරනු ලැබීය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විසර්ජන කෙටුම්පත තෙවැනි වර කියවීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 13 වැනිදාය.

(lankadeepa.lk)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්