කිසිඳු ලෙසකින් කාන්තාවන් පිරිමින්ට දෙවෙනි විය යුතු නැතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර නවින් දිසනායක පවසයි.

රත්නපුර ශික්ෂණ රෝහල සහ සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලය එක්ව ''ඉන්දිරා පිළිකා භාරය'' නමින් සංවිධානය කල පිළිකා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන එක්වෙමින් ඔහු එබව කියා සිටියේය.

''කාන්තාවන් පිරිමින්ට දෙවෙනි විය යුතු නැහැ. බස් රථයේ, මගතොට, කාර්යාල තුළ විවිධ අතවරයන්ට කාන්තාව ලක්වෙනවා. ඒවා ඇය නිහඬවම දරා ගන්නවා. ගෘහස්ථ පීඩනයෙන් ඇය පීඩා විඳිනවා. සමාජය හමුවට ඇගේ පීඩනය රැගෙන එන්නේ නැහැ. සමහරවිට එය ලැජ්ජාවට කරුණක් ලෙස ඇය සලකන නිසා විය හැකියි. නීතිය ඉදිරියේදී ද ඇයට සාධාරණය ඉටු විය යුතුයි. අප ඇය වෙනුවෙන් පෙනි සිටිය යුතුයි ." යයි ද නවින් දිසනායක එහිදී කියා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණඩුකාරවරයා මෙසේද පැවසිය.

''සෑම දිනකම පිළිකා රෝගීන් 15 ක් වාර්තා වෙනවා''

"සෑම දිනකම පිළිකා රෝගීන් 15 ක් වාර්තා වෙනවා. පියයුරු පිළිකාවෙන් දෛනිකව තිදෙනෙක් අපට අහිමි වෙනවා. මෙය ඉතාම කණගාටුදායක තත්වයක්. නමුත් මෙය දැනුවත් වීමෙන් හා දැනුවත් කිරීමෙන් වෙනස් කළ හැකියි.

ඉතාම සරල ක්‍රමවේදයක් එයට අනුගමනය කරන්න තියෙන්නෙ. එය ප්‍රාථමික අවස්ථාවේ සොයා ගැනීමට එම සරල ස්වයං ක්‍රමවේදය අනුගමනය කරන්න. පියයුරු පිළිකා නිසා පවුල් ඒකක බරපතල සමාජ, ආර්ථික සහ මානසික ගැටලුවලට ලක් වෙනවා. අපේ පවුල ද විශාල කඩා වැටීමකට ලක් වුණා.ඒ ඉන්දිරා මුහුණ දුන් පියයුරු පිළිකාව නිසා. එම කම්පනය නිසා අපි ඉන්දිරා පිළිකා භාරය ගොඩනැගුවා.''

ඉන්දිරා පිළිකා භාරය වර්ෂ 2016 නොවැම්බර් 27 සිට ක්‍රියාත්මක අතර, ඒ ඔස්සේ මව හෝ පියා පිළිකා රෝගයට ලක්වූ පාසල් දරුවන්ට ශිෂ්‍යාධාර පිරිනැමීම, මහරගම පිළිකා රෝහල ආශ්‍රිතව දෛනිකව නොමිලේ දිවා ආහාරය ලබා දෙන ජන සුවය ආයතනයට දායක වීම, ළමා පිළිකා සත්කාර ඒකකය ක්‍රියාත්මක කිරීම, පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සහ ආධාර ලබා දීමට 0112 363211 ඇමතුම් අංකය පවත්වාගෙන යාම, අඩු

ආදායම්ලාභි පිළිකා රෝගීන්ට ආධාර දීම වැනි සේවාවන් රැසක් ක්‍රියාත්මක වේ. 

Indi 2023.10.30

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්