leader s

ඉරිදා (පෙරවාරි 03) සවස දකුණු ලන්ඩනයේ පුද්ගලයින් පිරිසකට තියුණු ආයුධයකින් පහර දීමෙන් පසු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ සැකකරු පසුගිය ජනවාරි මාසයේදී බන්ධනාගාරයෙන් නිදහස ලැබූ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

20 හැවිරිදි සුදේශ් අම්මාන් නමැති ඔහු සතියකට පෙර බන්ධනාගාරයෙන් නිදහස ලැබුවේ, ත්‍රස්ත වැරදි හේතුවෙන් වසර 3ක් සහ මාස 4ක කාලයක් සඳහා දී තිබූ සිර දඬුවමෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුවය.

ලන්ඩන්හි ස්ට්‍රෙතම් මාර්ගයේදී අදාළ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ පොලිසිය ඔහු පිළිබඳව සෝදිසියෙන් සිට ඇත. පොලිසිය විශ්වාස කරනුයේ, මෙය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවටය.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූ අතර කිසිවෙකුට ජීවිත තර්ජනයක් නොමැත.
 110750526 streatham forensics pa
ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය පැවසුවේ, අදාළ සැකකරු පදිංචි වී සිටි බව පැවසෙන දකුණු ලන්ඩනයේ සහ හර්ට්ෆෝර්ඩ්ෂයර්හි ලිපිනයන් සොයා සිය නිලධාරීන් සෝදිසි මෙහෙයුම්වල නිරත වී සිටින බවය.

කවුද මේ සුදේශ් අම්මාන්?

බීබීසී එංගලන්ත වාර්තාකරු ඩැනියෙල් ඩි සිමෝන් පවසන්නේ, ත්‍රස්තවාදී තොරතුරු ඇතුළත් ලියකියවිලි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා 6කට සහ ත්‍රස්තවාදී ප්‍රකාශන බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා 7කට අදාළ සැකකරු 2018 වසරේ නොවැම්බර් මාසයේදී වැරදිකරු වූ බවය.

එම ප්‍රකාශන අතර "Bloody Brazilian Knife Fightin' Techniques" නමැති සඟරාවක් ද තිබුණු බව ඩැනියෙල් ඩි සිමෝන් පවසයි.

සුදේශ් අම්මාන්ට එම වැරදිවලට අදාළව 2018 දෙසැම්බර් මාසයේදී වසර 3ක් සහ මාස 4ක කාලයක් සඳහා සිර දඬුවම් නියම කෙරිණි.

බීබීසී එංගලන්ත වාර්තාකරු ඩැනියෙල් ඩි සිමෝන් පැවසුවේ, එම තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී සුදේශ් අම්මාන් සිනා නැගූ බව තමන් දුටු බවය.

සුදේශ් අම්මාන් ඊට පෙර පළමු වරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ, 2018 වසරේ මැයි මාසයේදීය. ඒ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි බවට සැකපිටය.

 110750527 hi059663687
ශ්‍රී ලංකා සම්බන්ධයක්?

"සුදේශ් අම්මාන් නමැති සැකකරුගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ සිටින" බවට ඉන්දීය මාධ්‍ය වාර්තාවල පළ කර තිබේ.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබුණේ, ඔහු "ශ්‍රී ලංකාවේ පවුල් සබඳතාවක් පැවති ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු බවට වැරදිකරු වූ පුද්ගලයෙකු" බවය.

ඩේලි මේල් පුවත්පත 2018 වසරේ නොවැම්බර් 07 වන දා වාර්තා කර තිබුණේ, සුදේශ් අම්මාන් "අල්-ඛයිදා සංවිධානයට අයත් සඟරාවක් Whatsapp ඔස්සේ බෙදා හැර ඇති අතර, ඔහුගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ සිටින," බවය.

මේ සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර, බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළේය.

එම කාර්යාලය සඳහන් කළේ, එය මේ අවස්ථාවේදී නිශ්චිත වශයෙන් තහවුරු කළ නොහැකි අතර මේ සම්බන්ධයෙන් කරුණු විමසා බලා දැනුම් දිය හැකි බවය.

(බීබීසී සිංහල සේවය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්