leader s

පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට සී.ඩී. වික්‍රමරත්න ගේ නම හැර වෙනත් නමක් තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර නැතැයි ජනාධිපති

රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී කතානායක මහින්ද යාපා අබේවර්ධන ට මේ සතියේ ලිඛිතව දැනුම් දී ඇතැයි 'දේශය (Deshaya)' ජාතික පුවත්පත වාර්තා කරයි.

ජනාධිපතිවරයා මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් පොලිස්පති ධූරයට පත්කිරීම සඳහා සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනකුගේ නම් ලැයිස්තුවක් ඉල්ලා සිටීමෙන් පසුව බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

'දේශය' පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ජනාධිපතිවරයා කතානායකවරයා වෙත යොමුකර ඇති ලිපිය මගින් ව්‍යවස්ථා සභාව විසින් කළ යුතු පත්කිරීම්වලට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වැනි වගන්තිය හා ඊට අදාළ උප වගන්තිද උපුටා දක්වා ඇත.

 එම ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් නමක් නිර්දේශ කර නොතිබූ අවස්ථාවක අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවක් ව්‍යවස්ථා සභාව විසින් ඉල්ලා සිටින්නේ කවර නීතිමය පදනමක් යටතේදැයි ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ප්‍රශ්න කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට පැවරෙන බව නඩු තීන්දු ගණනාවක් මගින්ද තහවුරු කර ඇතැයි ජනාධිපතිවරයා යැවූ ලිපියේ සඳහන් වෙයි. 

අනතුරුව මේ ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්වත් කර තිබේ.

ඒ සමඟ කතානායකවරයා ජනාධිපති කාර්යාලයට දන්වා ඇත්තේ සී.ඩී. වික්‍රමරත්න ගේ නම ව්‍යවස්ථා සභාව විසින් දෙවරක්ම පොලිස්පති ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බැවින් ඊට අදාළව ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ නම් ඊට බාධාවක් නොමැති බවය.

රටේ මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මුලික වගකීම දරන වසර 157ක ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුවට නව පොලිස්පතිවරයෙකු නම් කිරීමට නොහැකිවී තිබීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, ජනාධිපතිවරණය අවසන් වනතෙක් සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ධුරයේ තබාගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇතිබවයි. ඒ අනුව නොවැම්බර් 03 දා ලබාදී ඇති සති තුනක සේවා දිගුව , ඉන් අනතුරුව මාස 6ක් දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.

සබැඳි පුවත් :
පොලිස්පතිට තවත් සති තුනක සේවා දිගුවක්


WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil