leader s

ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තහනම අහම්බයක් නොවන බවත් එය ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන්ගේ නොසැලකිල්ල මත සිදුවූවක් බවත් ශ්‍රී

ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

මිට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් ශ්‍රී ලංකාව පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අනිසි බලපෑම් සිදුවන්නේ නම් ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකල බවත් ක්‍රිෂාන්ත කපුවත්ත කියා සිටියි.

වැඩබලන ක්‍රිකට් ලේකම්වරයා මෙසේද පවසයි.

''මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේක හදිස්සියේ ඇති වෙච්ච තත්වයක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපි  මාස 4ක් 5ක් පුරාවටම වගකිවයුත්තන් දැනුවත් කරන්න කටයුතු කරා , ඒවට කිසිම යහපත් ප්‍රතිචාරයක්යක් ලැබී ලැබුණේ නැහැ . ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති උස්මාන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ  ජනාධිපතිතුමා පවා හමු වී මේ තත්ත්වය පැහැදිලි කළා. දැන් මේ තත්ත්වය දිගින් දිගටම ගිහිල්ලා අද මුළු ලෝක ප්‍රජාව දැනගෙන තිබෙනවා මේ ලංකාවේ ඇති වෙලා තිබෙන තත්ත්වය .. අපි බොහොම දරුණු විදිහට එකිනෙකාට දොස් පවරන්න බොහොම නරක තත්වයකට මේක පත් වෙලා තිබෙනවා .නමුත් අපි සියලු දෙනා එකතු වෙලා මේක නැවත යථා තත්වත්වයට පත් කරගන්න කටයුතු කරමු කියලා තමයි ඉල්ලා සිටින්නේ..

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්