leader s

අවුරුදු විසි ගාණක් තිස්සේ එක දිගට ක්‍රියාත්මක වන ලංකාවේ සියලු ක්‍රිකට් සංගම් විසුරුවා හැර ඡන්දයක් අලුතින් පවත්වා ක්‍රිකට් ප්‍රතිසංවිධාන

කිරීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.

පළාත් නවයෙන් නව දෙනකුට අමතරව තව තිදෙනකු පත්කරන බවත් ඒ අවස්ථාවේදී ක්‍රීඩකයන්ගෙන් අයකු ද විනිසුරුවරුන්ගෙන් අයකු ද පුහුණුකරුවන්ගෙන් අයකු ද වශයෙන් 12ක් තෝරා ගන්නා බවත් බවත් අමාත්‍යවරයා කීවේය.

 මේ 12 පත් කරන විට පහළ මට්ටම ගැන බැලිය යුතු වන බව පැවසූ ඇමති රොෂාන් රණසිංහ, කොළඹින් ඡන්දය ඉල්ලා දිනිය හැකි වුවත් ක්‍රිකට් ඡන්දයට පැමිණ දිනිය නොහැකි බවට මුත්තයියා මුරලිදරන්ද පවසන හෙයින් ලංකාවේම සංගම් මෙලෙස විසුරුවා හරින බවද ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් මෙච්චර දූෂණ වංචා කරද්දි ඒ අය රැකීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් මෙරටට යන කලදසාව තමාට සිතාගත නොහැකි යැයිද ඔහු ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ගැටලුවේදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන විශ්වාසයක් නැති බව පැවසූ අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට එරෙහිව කටයුතු කිරීමට පෞද්ගලික නීතිඥවරුන් සම්බන්ධ කර ගන්නා බවද ප්‍රකාශ කළේය.



ICC: ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවයි

කෙසේවුවද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ පිළිබඳව දැනුම් දෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල නිවේදනයක් ඊයේ රාත්‍රී ( නොවැම්බර් මස 10 වැනිදා) නිකුත් කරනු ලැබිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ICC මණ්ඩලය රැස්වී තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්