The Leader News
BREAKING
ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
පුවත්

දිට්වා විනාශ කළ වතුකරයේ ජනතාවගේ ගෙවල් හැදීම ආණ්ඩුවට මගහැරිලා

T

The Leader Desk

April 8, 2026 • 4:08 PM

 දිට්වා විනාශ කළ වතුකරයේ ජනතාවගේ ගෙවල් හැදීම ආණ්ඩුවට මගහැරිලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාසස්ථානවලට සිදු වී ඇති හානි සඳහා සහන ලබාදීමට අවශ්‍ය විධිවිධාන සැලසීමට අසමත් වී ඇති බව ආණ්ඩුව විසින් පිළිගෙන තිබේ.
  • දිට්වා විනාශයට අතිරේක වශයෙන් කෝටි 50,000ක් මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවු බව ජනාධිපතිවරයා සහන පොදියක් එළිදක්වමින් අඟහරුවාදා (7) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.
  • කෙසේ වෙතත්, එදිනම රජය ප්‍රකාශයට පත් කර ඇති පරිදි බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් වතු කම්කරුවන්ගේ සුවිශේෂී තත්වය සැලකිල්ලට ගෙන නැත.
  • ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2026 අප්‍රේල් 07 වැනි දා උදෑසන 10 ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව දිට්වු සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 24 පුරා නිවාස 5866 ක් සම්පුර්ණ ලෙස විනාශ වී ඇති අතර දිස්ත්‍රික්ක 25 පුරා අර්ධ හානි සිදුවු නිවාස ගණන 109629 කී.
අකුරු ප්‍රමාණය (Font Size):

වාසස්ථානවලට සිදු වී ඇති හානි සඳහා සහන ලබාදීමට අවශ්‍ය විධිවිධාන සැලසීමට අසමත් වී ඇති බව ආණ්ඩුව විසින් පිළිගෙන තිබේ.

දිට්වා විනාශයට අතිරේක වශයෙන් කෝටි 50,000ක් මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවු බව ජනාධිපතිවරයා සහන පොදියක් එළිදක්වමින් අඟහරුවාදා (7) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත්, එදිනම රජය ප්‍රකාශයට පත් කර ඇති පරිදි බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් වතු කම්කරුවන්ගේ සුවිශේෂී තත්වය සැලකිල්ලට ගෙන නැත.

" දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ උපදෙස් අනුව නිවාස හානි වූ පවුල් සඳහා නිවාස ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසා ඇති නමුත්, එම චක්‍රලේඛ උපදෙස් අනුව වතු ශ්‍රමිකයින්ගේ නිවාසයන්ට සිදු වී ඇති හානි සඳහා සහන සැලසීම පිළිබඳව විශේෂිත විධිවිධාන එම චක්‍රලේඛ මඟින් සැලසී නොමැත," යි අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ වතු සමාගම් යටතේ පාලනය වන වත්තක සේවයේ නියුතු ශ්‍රමිකයින්ගේ නිවාස දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ගං වතුර, නාය යාම් හා වෙනත් ස්වභාවික ආපදාවන් හේතුවෙන් පූර්ණ හානියට පත් වීම/නායයෑමේ අධිඅවදානමට ලක් වීම/අර්ධ ලෙස හානි වී ජීව කාලය අවසන් බව තහවුරු වීම යන අවස්ථාවන්හිදී, ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති මාර්ගෝපදේශ සහ නිවාස සැලසුම් අනුව වර්ග අඩි 650ක නිවසක් ඉදිකිරීම සඳහා අදියරගතව රුපියල් මිලියන 05ක මුදලක් රජය විසින් ලබා දී එවැනි ශ්‍රමිකයින් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

"අදාළ ශ්‍රමිකයෙකු සඳහා ඔහු පදිංචි වත්තේ සුරක්ෂිත ස්ථානයකින් පර්චස් 10ක ඉඩම් කොටසක් අදාළ වතු සමාගම විසින් ලබා දීමටත්, වතු ශ්‍රමිකයාගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බවට වතු සමාගම විසින් තීරණය කරනු ලැබ ඇති අවස්ථාවක ශ්‍රමිකයා සතු ඉඩමක හෝ ලබා දෙන රුපියල් මිලියන 05ක මුදලින් ඉඩමක් මිල දී ගෙන හෝ අදාළ නිවස ඉදිකිරීමටත් යෝජිත වැඩසටහන මඟින් පහසුකම් සලසා දෙනු ලබයි."

ඒ අනුව, එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස  ජනාධිපතිතුමා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ‍ යෝජනාව 2026 අප්‍රේල් 06 වැනිදා රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2026 අප්‍රේල් 07 වැනි දා  උදෑසන 10 ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව දිට්වු සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 24 පුරා නිවාස 5866 ක් සම්පුර්ණ ලෙස විනාශ වී ඇති අතර දිස්ත්‍රික්ක 25 පුරා අර්ධ හානි සිදුවු නිවාස ගණන 109629 කී.


මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වන සිවිල් සමාජ එකමුතුව හා අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය අතර 2026 මාර්තු 28 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ හමුවකදී ඔවුන් අගමැතිවරියට දැඩි ලෙස  අවධාරණය කර තිබුනේ මලෛයහ ජනතාව ජීවත්වන ප්‍රදේශ සදහා තට්ටු නිවාස නොගැලපෙන බවයි.

දිට්වා සුළි කුණාටුව මලෛයහ දමිළ ප්‍රජාව කෙරෙහි ඇති කළ දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින් ද, පීඩාවට පත්වු වතු පවුල් තැනින් තැනට මාරු කිරීම නිසා ඇති වී තිබෙන දැඩි පීඩාකාරී තත්වය හමුවේද, පහත සදහන් ඉල්ලීම් 15 ඇතුලත් සන්දේශයක් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය වෙත යොමු කිරීමටත්  මලෛයහම් ප්‍රතිසංස්කරණ සදහා වු සිවිල් සංවිධාන එකතුව පසුගියදා කටයුතු කර තිබුනි.

1. නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ හෝ නැවත පදිංචි කිරීමට අවශ්‍ය මලෛයහ දමිළ පවුල් සඳහා රුපියල් මිලියන 5ක් ලබාදිය යුතුය. අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා රුපියල් මිලියන 2.5ක් දක්වාද ගෙවිය යුතුය. ඊට අමතරව, ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් ඇත්නම්, රුපියල් මිලියන 5ක් දක්වා වෙන් කළ යුතුය (NDRSC/02/04/10 චක්‍ර ලේඛණයට අනුව).

2. රටේ සෙසු පුරවැසියන්ට හා සමානව, කිසිදු වෙනස් කොට සැලකීමකින් තොරව සුදුසුකම් ලත් මලෛයහ දමිළ ජනතාවට නිවාස සහ අනෙකුත් හානි සඳහා සහන හා වන්දි ලබාදිය යුතුය. ආපදා සහන සැලසීමේදී සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී වතු සේවකයන් සහ සේවකයන් නොවන අය අතර කිසිදු වෙනසක් නොකළ යුතුය.

3. මේ රටේ භූමිය සමඟ මලෛයහ දමිළ ජනතාවගේ සම්බන්ධතාව සහතික කිරීම සඳහා, වතුකරයේ ප්‍රදේශ තුළ විධිමත් ඉඩම් ඔප්පු සහිත තනි නිවාස ලබාදිය යුතුය. වතුකර ප්‍රදේශවල මහල් නිවාස ආකාරයේ (බහු මහල්) නිවාස ව්‍යාපෘති ප්‍රතික්ෂේප කළ යුතුය.

4. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය දිට්වා ව්‍යසනය සඳහා සහන සැලසීමට හෝ වෙනත් මාර්ගයකට යොමු නොකළ යුතුය. එය වෙනම, සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස පැවතිය යුතු අතර මුලින් සැලසුම් කළ පරිදි කඩිනම් ආකාරයකින් ක්‍රියාත්මක කළ යුතුය.

5. දිට්වා නිවාස ව්‍යාපෘති මගින් වතු ජනාවාස නිසි මාර්ග, විධිමත් ලිපිනයන්, විදුලිය, පානීය ජලය, සමාජ යටිතල පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම්වලින් සමන්විත ඒකාබද්ධ ගම්මාන ලෙස නැවත ගොඩනැගිය යුතුය. මෙම ක්‍රියාවලිය "වතු පද්ධතිය" අහෝසි කිරීමට සහ ඒවා "නව ගම්මාන" බවට පරිවර්තනය කිරීමට පහසුකම් සැලසිය යුතුය.

6. ඉඩම් අයිතිය සහ 'නව ගම්මාන' නිර්මාණය සහතික කිරීම සඳහා, වැවිලි සමාගම් සමඟ ඇති බදු ගිවිසුම් වහාම සංශෝධනය කළ යුතුය.

7. තාවකාලික කඳවුරු, කූඩාරම් සහ වෙනත් ස්ථානවල දැනට දුක් විඳින ජනතාව විවිධ ස්ථානයන්ට මාරු කරනු වෙනුවට, ඔවුන්ට ගෞරවයෙන් සැලකිය යුතුය. අතිශයින් වැදගත් වන්නේ, නව නිවාස සඳහා ඉඩම් හඳුනා ගැනීම සම්බන්ධ තීරණ ගැනීම කළ යුත්තේ බලපෑමට ලක්වූ පවුල් සමඟ සාකච්ඡා කිරීමෙනි.

8. ඉඩම් හිමිකාරිත්වයේ අයිතිය කාන්තාවන්ට සමානව ලබාදිය යුතුය.

9. ඉඩම් හිමිකාරිත්වය සහිත ස්ථිර නිවාස විසඳුමක් ලබාගන්නා තෙක්, සුදුසු ස්ථානවල සංක්‍රාන්ති නිවාස වහාම ලබාදිය යුතුය. මෙම නිවාස මූලික පහසුකම්වලින් සමන්විත විය යුතු අතර ජාත්‍යන්තර මානුෂීය ප්‍රමිතීන්ට (SPHERE ප්‍රමිතීන්ට) අනුකූල විය යුතුය.

10. කෘෂිකර්මාන්තය, පශු සම්පත්, ව්‍යවසාය සහ ජීවනෝපාය ආශ්‍රිත හානි ආවරණය කරමින් මලෛයහ දමිළ පවුල් සඳහා රජයේ සහන සහ වන්දි ලබාදීමේදී, ඔවුන්ගේ නිශ්චිත අවදානම් සහගතතත්ත්වයන් විසඳීම සඳහා හුදෙක් විධිමත් සමානාත්මතාවයෙන් ඔබ්බට ගිය සාධාරණ (equitable) ප්‍රවේශයක් රජය විසින් අනුගමනය කළ යුතුය.

11. ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම පුරවැසියන්ට මෙන්, මලෛයහ දමිළ ප්‍රජාව සඳහා සහන සහ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හරහා යොමු කළ යුතුය. මේවා පෞද්ගලික සමාගම්වලට හෝ වැවිලි මානව සංවර්ධන භාරයට (Plantation Human Development Trust - PHDT) පවරා නොදිය යුතුය.

12. මලෛයහ දමිළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම්වලට ගරු කළ යුතුය. සියලුම අයදුම්පත්, නිල නිවේදන සහ සන්නිවේදනයන් දෙමළ භාෂාවෙන් ලබාදිය යුතුය. රජයේ කාර්යාල මෙම පවුල් සමඟ ඔවුන්ගේ භාෂාවෙන් සන්නිවේදනය කරන බවට සහතික කළ යුතුය.

13. සහන සහ වන්දි ලබා ගැනීමේදී දුෂ්කරතා හෝ දුක් ගැනවිලි තිබේ නම්, කාලෝචිත විසඳුම් ලබාදීම සඳහා විධිමත් දුක් ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණ ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් ස්ථාපිත කළ යුතුය.

14. කිසිදු කෙටි කාලීන ආපදා සහන පියවරක් මලෛයහ දමිළ ජනතාවගේ ඉඩම් සහ නිවාස අයිතිවාසිකම් සඳහා වන දිගුකාලීන ඉල්ලීම් හෝ අරගලයට පටහැනි යමක් නොකළ යුතුය.

15. දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වතුවල පාලම්, මාර්ග, පඩිපෙළ, රැඳවුම් බිත්ති සහ ප්‍රජා ගොඩනැගිලි ඇතුළු ප්‍රජා යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය සම්පූර්ණ වගකීම භාරගත යුතුය. පළාත් පාලන ආයතනවලට අරමුදල් වෙන් කිරීමට සහ වතු තුළ යටිතල පහසුකම් අලුත්වැඩියාව සහ සංර්වධනය සිදු කිරීමට ඉඩ සලසන නීතිමය විධිවිධාන පිළිබඳව රජය ප්‍රාදේශීය සභාවලට පැහැදිලි උපදෙස් ලබාදිය යුතුය. මෙම ප්‍රදේශ වලට පළාත් පාලන ආයතනයන්හි මැදිහත්වීම වළක්වන ආකාරයේ කිසිදු නීතියක් දැන් නොමැති අතර, ඒ පිළිබඳව අපැහැදිලි බවක් තිබේ නම්, එය පැහැදිලි කළ යුතුය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...