The Leader News
BREAKING
Top Ad
පුවත්

සහල් සහ සීනි, බියර් නිෂ්පාදනයට ගැනීමට එරෙහිව පෙත්සමක්

T

The Leader Desk

May 18, 2026 • 3:04 PM

සහල් සහ සීනි, බියර් නිෂ්පාදනයට ගැනීමට එරෙහිව පෙත්සමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිරිසකට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
  • සහල් නිෂ්පාදනය සඳහා රජය විසින් විශාල සහනාධාරයක් ලබා දෙන අතර වර්තමානයේ බොහොමයක් නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කරන බව පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
  • බියර් යනු මෝල්ට් වලින් සාදන ලද පැසුණු මත්පැන් බවට සුරා බදු පනතේ දෙවන වගන්තිය මගින් අර්ථකථනය කරන බව පෙත්සම මගින් පෙන්වා දී ඇත.
  • ඒ අනුව බියර් නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතා කිරීම සුරා බදු පනතේ විධිවිධාන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් රජය සහනාධාර ලබා දෙමින් නිෂ්පාදනය කරන සහල් බියර් වැනි වාණිජ කර්මාන්තයකට භාවිතා කිරීම නිසා ජාතික ආර්ථිකයට හානිදායක බලපෑමක් එල්ල වන බව පෙත්සමෙහි සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පිරිසකට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

සහල් නිෂ්පාදනය සඳහා රජය විසින් විශාල සහනාධාරයක් ලබා දෙන අතර වර්තමානයේ බොහොමයක් නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කරන බව පෙත්සම මගින් පෙන්වා දී තිබේ.


බියර් යනු මෝල්ට් වලින් සාදන ලද පැසුණු මත්පැන් බවට සුරා බදු පනතේ දෙවන වගන්තිය මගින් අර්ථකථනය කරන බව පෙත්සම මගින් පෙන්වා දී ඇත. ඒ අනුව බියර් නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතා කිරීම සුරා බදු පනතේ විධිවිධාන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් රජය සහනාධාර ලබා දෙමින් නිෂ්පාදනය කරන සහල් බියර් වැනි වාණිජ කර්මාන්තයකට භාවිතා කිරීම නිසා ජාතික ආර්ථිකයට හානිදායක බලපෑමක් එල්ල වන බව පෙත්සමෙහි සඳහන් වේ.


සහනාධාර ලබා දුන්නද ලංකාවට සහල් වලින් ස්වයංපෝෂිත වීමට නොහැකි තත්ත්වයට මෙය හේතුවක් වන බව ද පෙත්සමෙහි දැක් වේ.

ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය මගින් මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සඳහා වර්තමානයට ගැලපෙන  ප්‍රමිති යාන්ත්‍රණයක්  හදුන්වා දී  නොමැති බව  පෙත්සම් කරුවන් චෝදනා කරති.

 එබැවින් බියර් නීෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සීනි සහ සහල් භාවිතා කිරීමට අනුමැතිය දීමෙන්සුරා බදු  කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් ගොනුකර ඇති මේ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා සහ එම ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර සිටිති.

මෙම කරුණ සම්බන්ධයෙන් පවතින නීතිමය සහ සමාජීය පසුබිම පහත පරිදි වේ:

පෙත්සමේ ප්‍රධාන තර්ක

සහනාධාර අවභාවිතය:
සහල් නිෂ්පාදනය සඳහා රජය මහජන මුදලින් විශාල සහනාධාර (පොහොර, ජලය ආදී) ලබා දෙයි.

පාරිභෝගික හිඟය:
සහල් සහ සීනි යනු ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතා වේ. ඒවා මද්‍යසාර නිෂ්පාදනයට විශාල වශයෙන් යොදා ගැනීමෙන් වෙළඳපොළේ මිල ඉහළ යාම සහ හිඟයක් ඇති විය හැක.

නීතිමය සහන අවලංගු කිරීම:
මූලික ආහාර ද්‍රව්‍ය වාණිජ මද්‍යසාර සඳහා යොදා ගැනීමට අවසර දීම මහජන සුභසිද්ධියට පටහැනි බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

ඉල්ලා ඇති සහන

  • සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා බියර් නිෂ්පාදනයට අවසර නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කිරීම.

  • දැනටමත් එවැනි අවසර පත්‍ර ලබා දී ඇත්නම් ඒවා අත්හිටුවීම හෝ අවලංගු කිරීම.


(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනි

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...