The Leader News
BREAKING
Top Ad
පුවත්

චන්දන කත්ත්‍රිආරච්චිගේ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට නීතිපතිට අවසර

T

The Leader Desk

May 18, 2026 • 3:11 PM

චන්දන කත්ත්‍රිආරච්චිගේ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට නීතිපතිට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිකුත් කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයාට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නේය.
  • ඒ එම විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
  • චන්දන කත්‍රිආරච්චි මහතාගේ පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට අවසර ලබා දී ඇත.
  • මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක කියා සිටියේ, පෙත්සම්කරු ට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැදවුම් නියෝග තව දුරටත් දීර්ඝ කර නොමැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):
නිකුත්  කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයාට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නේය.

ඒ එම විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක කළ ඉල්ලීමක්  සලකා බැලීමෙන් අනතුරුවය.
 
චන්දන කත්‍රිආරච්චි මහතාගේ පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට අවසර ලබා දී ඇත.

 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට නිකුත් කළ රැඳවුම් නියෝගවලට එරෙහිව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.

මෙම පෙත්සම  අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක කියා සිටියේ, පෙත්සම්කරු ට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැදවුම් නියෝග තව දුරටත් දීර්ඝ කර නොමැති බවය.

ඔහු රඳවා තබා ගැනීම සදහා ලබා ගත් රැදවුම් නියෝග මේ වන විට අවසන් කර ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවද ඇය කියා සිටියාය .
ඒ බව  මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී ඇති අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද ඇය සඳහන් කළාය. එම නිසා මෙම පෙත්සම තව දුරටත් පවත්වාගෙන යා යුතු නැති බව ඇය පෙන්වා දුන්නාය .
 

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය ට කියා සිටියේ, රැදවුම් නියෝගය දීර්ඝ නොකළද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  නඩුව පවත්වාගෙන යාම සිදු වන  බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන බවය.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ යටතේ චෝදනා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් තමාට ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව  එම අවස්ථාවේදී සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය, පෙත්සම සම්බන්ධයෙන් වන සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ  අධිකරණය අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදුන් අතර පෙත්සම ජූනි මස 10 වෙනිදා කැඳවීමට නියම කළේය.

(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනි
 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...