The Leader News
BREAKING
Top Ad
පුවත්

මල්වානේ ඉඩමෙන් 'අන්තරේ' ඉවතට

T

The Leader Desk

May 18, 2026 • 4:01 PM

මල්වානේ ඉඩමෙන් 'අන්තරේ' ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි කැඳවුම්කරු සසිඳු පෙරේරා කියා සිටියේ, අග්‍රාමාත්‍යවරිය සමග අද (මැයි 18) පැවති සාකච්ඡාවේදී මෙම ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට ඇය එකඟවූ බැවින් මෙම තීරණය ගන්නා බව ය.
  • අපි ඉල්ලපු දේට ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා.
  • මෙම ඉඩම මීට පෙර බැසිල් රාජපක්ෂට අයත් බවට ප්‍රකාශ වුව ද, පසුව අධිකරණ ක්‍රියාවලියේදී එහි හිමිකරුවෙකු ඉදිරිපත් වී නොවීම හේතුවෙන් පසුව අධිකරණ අමාත්‍යාංශයට පවරා ගනු ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි කැඳවුම්කරු සසිඳු පෙරේරා කියා සිටියේ, අග්‍රාමාත්‍යවරිය සමග අද (මැයි 18) පැවති සාකච්ඡාවේදී මෙම ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට ඇය එකඟවූ බැවින් මෙම තීරණය ගන්නා බව ය.

“අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වෙලා තියෙනවා මල්වානේ ඉඩම ඉදිරියේදී හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවට පවරන්න. අපි ඉල්ලපු දේට ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රතිචාරයත් එක්ක අපි මල්වානේ ඉඩමෙන් මේ මොහොතේ ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.”

මල්වානේ පිහිටි අක්කර 16ක භූමිය සහ මන්දිරය වහාම රජය මැදිහත් වී විශ්වවිද්‍යාල පද්ධතියට පවරා දිය යුතු බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එම පරිශ්‍රයට පසුගිය 14 වන දා ඇතුළු වී එය අත්පත්කරගෙන තිබිණි.

මෙම ඉඩම මීට පෙර බැසිල් රාජපක්ෂට අයත් බවට ප්‍රකාශ වුව ද, පසුව අධිකරණ ක්‍රියාවලියේදී එහි හිමිකරුවෙකු ඉදිරිපත් වී නොවීම හේතුවෙන් පසුව අධිකරණ අමාත්‍යාංශයට පවරා ගනු ලැබිණි.

 

 
 
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...