The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති 'රණවිරු සෙවණ' සුවතා නිකේතනයේ සෙබළුන්ගේ සුවදුක් විමසයි

T

The Leader Desk

May 19, 2026 • 9:28 AM

ජනපති 'රණවිරු සෙවණ' සුවතා නිකේතනයේ සෙබළුන්ගේ සුවදුක් විමසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.
  • අනතුරුව “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපයිය හැකි වෛද්‍ය සහ අනෙකුත් සේවා පහසුකම් පිළිබඳවද සොයා බැලීය.
  • වීරකෝන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.

මෙහිදී ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා කළ කැපවීම අගය කළේය.

අනතුරුව “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපයිය හැකි වෛද්‍ය සහ අනෙකුත් සේවා පහසුකම් පිළිබඳවද සොයා බැලීය.

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ. වීරකෝන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 presi ragama

presi ragama 2

presi ragama 3

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති 'රණවිරු සෙවණ' සුවතා නිකේතනයේ සෙබළුන්ගේ සුවදුක් විමසයි | The Leader