The Leader News
BREAKING
Top Ad
පුවත්

අප්‍රේල් වෙද්දී වාහන ලක්ෂ දෙකක් ගෙනත්

T

The Leader Desk

May 20, 2026 • 4:05 AM

අප්‍රේල් වෙද්දී වාහන ලක්ෂ දෙකක් ගෙනත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේක්ෂා කළාට වඩා වාහන මිලදී ගැනීමක් සිදුව ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ආනයන අධිභාරය දැනට ගෙන්වූ වාහන වලට ක්‍රියාත්මක නොවන බවද සදහන් කළේය‍.
  • ''මැයි 16 සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික වාහන ආනයන (ත්‍රී රෝද රථ මෝටර් සයිකල් හැර ) තීරු බද්දට ගහන සියයට 30ක අධිභාරයෙන් සියයට පහළොවක අධිභාරයක් අය කරනවා.
  • දැනට ගෙන්වලා තියෙන වාහන වලට ත් මැයි 15 දක්වා ණයවර ලිපි විවෘත කළ වාහනවලටත් වෙළඳපොළේ මිල වැඩිවීමක් වෙන්නේ නැහැ.
  • ඒවා නිකන් බෙදලා දාන්න බැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


අපේක්ෂා කළාට වඩා වාහන මිලදී ගැනීමක් සිදුව ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ආනයන අධිභාරය දැනට ගෙන්වූ වාහන වලට ක්‍රියාත්මක නොවන බවද සදහන් කළේය‍.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''මැයි 16  සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික වාහන ආනයන  (ත්‍රී රෝද රථ මෝටර් සයිකල් හැර ) තීරු බද්දට ගහන සියයට 30ක අධිභාරයෙන්  සියයට පහළොවක  අධිභාරයක් අය කරනවා.  මේක වාණිජ  වාහන ආනයනයට බලපාන්නේ නෑ. බස් වලට ලොරිවලට නැහැ. ඒකත් මාස තුනක කාලයක් සඳහා විතරයි.

දැනට ගෙන්වලා තියෙන වාහන වලට ත්  මැයි 15 දක්වා ණයවර ලිපි විවෘත කළ වාහනවලටත් වෙළඳපොළේ මිල වැඩිවීමක් වෙන්නේ නැහැ. වැඩි කරනවා නම් ඒක විකෘතියක්. අවස්ථාවාදී හැසිරීමක්. පුද්ගලික වාහන මාස තුනකට ප්‍රමාද කර ගැනීම කරනවා. විදේශ විනිමය මාස තුනකට ආරක්ෂා කර ගැනීමට මෙම අධිභාර තීරණය ගත්තා.

''ග්‍රාමීය දුප්පත් භාවය නැති කිරීම එක අවුරුද්දෙන් කරන්න බැහැ''


ග්‍රාමීය දුප්පත් භාවය නැති කිරීමට අවශ්‍ය කටයුතු කරනවා එක අවුරුද්දෙන් ඒක කරන්න බැහැ.

රාජ්‍ය ආදායම වැඩි කළේ අතිරේක බදු ගහල නොවේ. මේ සංශෝධනයේ අරමුණ බදු අනුකුලතාවය වැඩි කර ගැනීම. අපේක්ෂිත ආදායම අපිට වැඩි කරගන්න පුළුවන් වුණා. කලින් ආණ්ඩුවලට බදු ආදායම එකතු කරගන්න බැරි වුණා. ඒක දූෂණයට පාර කපන තත්වයක්. අපි බදු මුදල් එකතු කරගෙන තිබෙනවා.

ණයක් අරගෙන  සහනාධාර විදියට ගෙවන්න බැහැ. ලෝක බැංකුවේ තියෙන්නේ ව්‍යාපෘති. ඒවා නිකන් බෙදලා දාන්න බැහැ. අතීතයේදී ඕවා කරලා තමයි රට හිරවුණේ. මැද පෙරදිග තත්වය හේතුවෙන් අතිරේකව බිලියන සීයක් වෙන්කළා. ඉන්ධන සහනාධාර වැනි සහනාධාර සඳහා. විදුලි ඒකක 180 වඩා අඩු අයට විදුලි බිල වැඩි කළේ නැහැ.

ග්‍රාමීය ජනතාව ණය වලට හිරවීමක් තියෙනවා. අවිධිමත් ශුද්‍ර මූල්‍ය ආයතන නිසා තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ. ග්‍රාමීය ජනතාවගේ කාන්තාවගේ අඩු මූල්‍ය සාක්ෂරතාවය මීට හේතු වෙලා තියෙනවා. දිස්ත්‍රික්ක නිල දරිද්‍රතා රේඛා තියෙනවා. කොළඹ තමයි වැඩිම.  18000යි.''




මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ගේ වාහන සම්බන්ධයෙන් වූ ප්‍රකාශයට අනුව, එහි අඩංගු ප්‍රධාන කරුණු සහ ඉන් වෙළඳපොළට සිදුවන බලපෑම පහත පරිදි සාරාංශ කළ හැකියි:

ප්‍රධාන කරුණු

ආනයන ප්‍රමාණය:
පසුගිය අප්‍රේල් මාසය අවසන් වන විට වාහන 178,000ක් ලංකාවට ගෙන්වා ඇත. මෙය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි අගයකි.

නව බදු සංශෝධනය:
මැයි 16 සිට ක්‍රියාත්මක වන පරිදි, පුද්ගලික වාහන (ත්‍රීරෝද රථ සහ මෝටර් සයිකල් හැර) සඳහා තීරු බද්ද මත සියයට 15ක අධිභාරයක් අය කෙරේ.

කාල සීමාව:
මෙම බදු පැනවීම මාස 3ක කාලයකට පමණක් සීමා වේ.

නිදහස් කර ඇති වාහන:
මෙම අධිභාරය බස් රථ සහ ලොරි රථ වැනි වාණිජ වාහන (Commercial Vehicles) සඳහා බලපාන්නේ නැත.

අරමුණ:
ඉදිරි මාස තුනක කාලය තුළ පුද්ගලික වාහන ආනයනය තරමක් ප්‍රමාද කරවා, රටේ විදේශ විනිමය (Foreign Exchange) ආරක්ෂා කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

වාහන මිල කෙරෙහි බලපෑම 


මිල ඉහළ යා හැක්කේ මැයි 16 වනදායින් පසුව අලුතින්ම ණයවර ලිපි (LC) විවෘත කර ගෙන්වන පුද්ගලික වාහන සඳහා පමණි.

විශේෂ සටහන:
දැනට ලංකාවට ගෙන්වා ඇති වාහන සහ මැයි 15 දක්වා ණයවර ලිපි (LC) විවෘත කළ වාහන සඳහා මෙම බද්ද බලපාන්නේ නැත. එම නිසා වෙළඳපොළේ දැනට පවතින වාහනවල මිල ඉහළ දැමීමට උත්සාහ කිරීම අවස්ථාවාදී ක්‍රියාවක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අප්‍රේල් වෙද්දී වාහන ලක්ෂ දෙකක් ගෙනත් | The Leader