The Leader News
BREAKING
Top Ad
පුවත්

ආශුගේ සුනඛ කතාවට හිරු­ණිකා ‘සොරි’ කියයි

T

The Leader Desk

May 20, 2026 • 4:41 AM

ආශුගේ සුනඛ කතාවට හිරු­ණිකා ‘සොරි’ කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් එල්ල කළ චෝදනා පද­නම් විර­හිත බව පිළි­ගන්නා බව කී ඇය, ආදර්ශා කර­ඳන නමැ­ත්තිය පෞද්ග­ලික හේතු මත එල්ල කරන ලද චෝදනා සම්බ­න්ධ­යෙන් ආශු මාර­සිංහ ට ඇති වූ නින්දා අප­හාස ගැන කන­ගාටු වන බවත් කීවාය.
  • ආදර්ශා කර­ඳන නමැති කාන්තා­වක් සමඟ එක්ව හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින් තමන්ට අප­හාස කිරීම සම්බ­න්ධ­යෙන් ආශු මාර­සිංහ විසින් හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර සහ ආදර්ශා කර­ඳන වෙත රුපි­යල් බිලි­යන 1.5ක වන්දි­යක් ඉල්ලා එන්ත­ර­වාසි යවා නඩු පව­රන ලදි.
  • ඒ අනුව නඩුව ඊයේ (19) සම­ථ­ය­කට පත් කර ගැනී­මෙන් දෙපා­ර්ශ්වය මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් සිද්ධිය පිළි­බඳ පැහැ­දිලි කිරී­මක් සිදු කළහ.
  • හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රීනි හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර, "2023 දෙසැ­ම්බර් 23 වැනිදා ආදර්ශා කර­ඳන කියන කාන්තා­වක් අපේ සමගි ජන බල­වේග කාර්යා­ල­යට ඇවිල්ලා ආශු මාර­සිංහ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­තු­මා­ගෙන් ලොකු අසා­ධා­ර­ණ­යක් වුණා කියලා කිව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):


තමන් එල්ල කළ චෝදනා පද­නම් විර­හිත බව පිළි­ගන්නා බව කී ඇය, ආදර්ශා කර­ඳන නමැ­ත්තිය පෞද්ග­ලික හේතු මත එල්ල කරන ලද චෝදනා සම්බ­න්ධ­යෙන් ආශු මාර­සිංහ ට ඇති වූ නින්දා අප­හාස ගැන කන­ගාටු වන බවත් කීවාය.

ආදර්ශා කර­ඳන නමැති කාන්තා­වක් සමඟ එක්ව හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින් තමන්ට අප­හාස කිරීම සම්බ­න්ධ­යෙන් ආශු මාර­සිංහ විසින් හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර සහ ආදර්ශා කර­ඳන වෙත රුපි­යල් බිලි­යන 1.5ක වන්දි­යක් ඉල්ලා එන්ත­ර­වාසි යවා නඩු පව­රන ලදි.

ඒ අනුව නඩුව ඊයේ (19) සම­ථ­ය­කට පත් කර ගැනී­මෙන් දෙපා­ර්ශ්වය මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් සිද්ධිය පිළි­බඳ පැහැ­දිලි කිරී­මක් සිදු කළහ.

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රීනි හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර,

"2023 දෙසැ­ම්බර් 23 වැනිදා ආදර්ශා කර­ඳන කියන කාන්තා­වක් අපේ සමගි ජන බල­වේග කාර්යා­ල­යට ඇවිල්ලා ආශු මාර­සිංහ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­තු­මා­ගෙන් ලොකු අසා­ධා­ර­ණ­යක් වුණා කියලා කිව්වා. එදා තමයි පළ­වෙනි වතා­වට ඇයව දැක්කේ. ලොකු අසා­ධා­ර­ණ­යක් සිද්ධ වුණා කිව්වා. ඇයගේ සුර­තල් බලු පැටි­යාට හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා විසින් කර­ද­ර­යක් කළා කිව්වා. ඒ අනුව ඇය මට සහ මගේ සමගි වනතා බල­වේ­ගයේ විධා­යක කමිටු කාන්තා­වන්ට ඇය ගාව තිබුණ වීඩියෝ සාක්කි කියල වීඩියෝ පෙන්නුවා.

ඇයට මාවත් සම්බන්ධ කර­ග­නි­මින් සාක­ච්ඡා­වක් තියන්න අව­ශ්‍යයි කියලා කිව්වා. ඒ අව­ස්ථාවේ මාධ්‍ය ඇවිල්ලා හිටියා. කාන්තා එක­මු­තු­වක් විදි­යට කාන්තා­ව­කට වෙන අසා­ධා­ර­ණ­කම් ගැන නිර­න්ත­ර­යෙන් කතා කර­නවා. මේ කාන්තා­වත් ඇය ගාව විශාල සාක්කි ප්‍රමා­ණ­යක් තියෙ­නවා කියලා කිව්වා. පසුව අපි නැව­තත් ඇයට කතා කළා මේ කාර­ණාව සම්බ­න්ධ­යෙන් කතා කරන්න කියලා. ඇය අපිව මග ඇරියා. ආශු මාර­සිංහ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­තුමා ඔහුට අප­හාස සිදු­වුණ බවට නඩු කට­යු­ත්ත­කට යොමු වුණා. නඩු කට­යුත්ත යන අතරේ මම එතුමා සමඟ සාකච්ඡා කළා. මේ සිය­ලුම වීඩියෝ සහ කාන්තාව ළඟ තිබුණ සියලු තොර­තුරු සංස්ක­ර­ණය කරපු දේවල් කියලා ඔහු මට පැහැ­දිලි කරලා පෙන්නුවා. ඒ අනුව මට තේරුණා මේ කාන්තාව හුදෙක්ම ආශු මාර­සිංහ පාර්ලි­මේන්තු මන්ත්‍රී­තු­මාට පෞද්ග­ලි­කව අප­හාස කිරී­මට අපිව යොදා­ගත් බව සහ අපට වැරදි තොර­තුරු ලබා දුන්නා කියලා.

ඒ අනුව අප දෙදෙනා සාකච්ඡා කර­ගෙන නඩු කට­යුතු සම­ථ­ය­කට පත් කර ගැනීම සඳහා කතා කර­ගත්තා. ඒ අනුව කාන්තා­වගේ අනු­දැ­නුම ඇතිව තමයි එය විකෘති කර තිබෙන්නේ කියන එක අපි දැන­ගත්තා. ආශු මාර­සිංහ මහ­තාට සිදුවූ නින්දා අප­හාස ගැන මම කන­ගා­ටුව ප්‍රකාශ කර­මින් සම­ථ­ය­කට පත්වුණා. මේ වෙන­කොට අදාළ කාන්තාව හොයා­ගන්න උත්සාහ කළත් ලංකා­වේ­වත් ඉන්න­වද කියලා අපි දන්නේ නැහැ.”

මෙහි දී අද­හස් දැක්වූ පහ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ආශු මාර­සිංහ,

“අපේ නීති කට­යුත්ත නඩුව අව­සන් කරන්න තීර­ණය කළා. මම තමයි පැමි­ණිල්ල ඉදි­රි­පත් කළේ. යථා තත්ත්වය අව­බෝධ කර­ගෙන මට සිදු කළ නින්දා අප­හාස සියල්ල වෙනු­වෙන් එතු­මිය කන­ගා­ටුව ප්‍රකාශ කර­මින් සම­ථ­ය­කට පත් කරන්න අව­ස්ථාව ලබා ගැනීම ගැන ස්තුති­වන්ත වෙනවා.”

( dinamina| නෙරං­ජලා වික්‍ර­ම­සිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආශුගේ සුනඛ කතාවට හිරු­ණිකා ‘සොරි’ කියයි | The Leader