The Leader News
BREAKING
Top Ad
පුවත්

සමුහ මිනීවළක් ඇතැයි සැක නැගෙනහිර භූමියක තුන්දින ස්කෑන් පරීක්ෂාවක්

T

The Leader Desk

May 20, 2026 • 7:33 AM

සමුහ මිනීවළක් ඇතැයි සැක නැගෙනහිර භූමියක තුන්දින ස්කෑන් පරීක්ෂාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නඩු විභාගය 2026 මැයි 14 වැනිදා කැදවු අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානය පරීක්ෂා කිරිම සදහා ගොස් තිබුනද ප්‍රදේශයට ඇද හැළුනු වැසි තත්වය හේතුවෙන් ඔවුනට ආපිට පැමිනීමට සිදුව තිබුනි.
  • වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුබාරක් මුගසම් පවසන්නේ මැයි 15 වැනිදා යළි නඩුව කැදවු අවස්ථාවේ මිනී වලක් ඇති බවට සැක කෙරෙන භුමියේ Magnetotelluric Audio-frequency යොදාගෙන ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීම සදහා අධිකරණය අවසරය ලබා දුන් බවයි.
  • පුද්ගලික වියදමින් භූගත පරීක්ෂාව කිරීමට පැමිණිලිකරුවන් ඉල්ලා තිබුනද, අධිකරණය පැහැදිලි උපදෙස් දී තිබුනේ ස්කෑන් සෝදිසිය රජය විසින් කළ යුත්තක් බවයි.
  • එම අධිකරණ නියෝගය අනුව මිනි වලක් පවතින බවට අලුතින් සැක කෙරෙන ස්ථානයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් මැයි 15, 16 සහ 17 යන තෙදින තුළ භුමිය ස්කෑන් පරීක්ෂණයක් සිදු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


LTTE සංවිධානය විසින් මරා වල දමන ලද බවට චෝදනා කෙරුණු 150කට අධික මුස්ලිම් හජ්ජි වන්දනාකරුවන් පිරිසක සිරුරු ඇති බව පැවසුණු එම භුමියේ විමර්ශන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 28 ක මුදලක් වෙන් වීමෙන් අනතුරුව ආරම්භ කළ කැනීම් කටයුතු 2026 අප්‍රේල් 1 වැනිදා හවස් යාමයේ නතර කර තිබුනේ හදුනාගත් භුමිය අඩි හයක් පමණ ගැඹුරට හෑරීමේදී මුහුදු ජලය මතු වීම නිසාවෙනි.

 

ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් හි භුමි භාගයක කැනීම් කටයුතු 2026 මාර්තු 30 වැනි සඳුදා ආරම්භ කෙරුනේ කලුවන්චිකුඩි මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ හා වෛද්‍ය සහ නීති විශේෂඥයන් එකොලොස් දෙනකුගේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් සහභාගිත්වයෙනි.

 

කැනීම් කටයුතු ආරම්භ කර තෙදිනක් සම්පුර්ණ වන 2026 අප්‍රේල් 1 වැනිදා හවස් යාමයේ  වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුබාරක් මුගසම් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ කැනීම් කටයුතු සදහා හදුනාගත් භුමිය අඩි හයක් පමණ ගැඹුරට හෑරීමේදී මුහුදු ජලය මතු වීමත් සමග විශේෂඥ උපදෙස් පරිදි කැනීම් කටයුතු නවතා දැමු බවයි.

 

m03
කණින ලද ප්‍රදේශය අවට තවත්  ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදු කළ යුතු බවට පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් අධිකරනයෙන් කර ඇති ඉල්ලීම අනුව එම භුමිය ස්කැන් පරීක්ෂාවකට ලක් කිරීම සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසුව සිදු කරනු ඇති බවට වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුබාරක් මුගසම්  2026 අප්‍රේල් 1 වැනිදා හවස් යාමයේ පළාත් බද මාධ්‍යවේදීන්ට වැඩි දුරටත්  දැනුම් දී තිබුනි.

එම නඩු විභාගය 2026 මැයි 14 වැනිදා කැදවු අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්  එම ස්ථානය පරීක්ෂා කිරිම සදහා ගොස් තිබුනද ප්‍රදේශයට ඇද හැළුනු වැසි තත්වය හේතුවෙන් ඔවුනට  ආපිට පැමිනීමට සිදුව තිබුනි.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුබාරක් මුගසම් පවසන්නේ මැයි 15 වැනිදා යළි නඩුව කැදවු අවස්ථාවේ මිනී වලක් ඇති බවට සැක කෙරෙන භුමියේ Magnetotelluric Audio-frequency යොදාගෙන ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීම සදහා අධිකරණය අවසරය ලබා දුන් බවයි.

පුද්ගලික වියදමින් භූගත පරීක්ෂාව කිරීමට පැමිණිලිකරුවන් ඉල්ලා තිබුනද, අධිකරණය පැහැදිලි උපදෙස් දී තිබුනේ ස්කෑන් සෝදිසිය රජය විසින් කළ යුත්තක් බවයි.

m02
එම අධිකරණ නියෝගය අනුව මිනි වලක් පවතින බවට අලුතින් සැක කෙරෙන ස්ථානයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් මැයි 15, 16 සහ 17 යන තෙදින තුළ භුමිය ස්කෑන් පරීක්ෂණයක් සිදු කර තිබේ.

නීතිඥ මුබාරක් මුගසම් පළාත් බද මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා ඇත්තේ මැයි 18 වැනිදා නඩුව යළි කැදවු අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් වන වාර්තාව මැයි  22 අධිකරණයට ඉදිරිපත් කරන බව මහාචාර්යවරයා දැනුම් දුන් බවයි.

 

සමුහ මිනීවළක් සෙවීම සඳහා අහම්බෙන් ඇටසැකිලි හමු නොවී අධිකරණ අධීක්ෂණයෙන් කැනීම් ආරම්භ කොට අපරාධයක් සිදුවූ බවට සාක්ෂි නැතිව වසා දමන්නට සිදුවූ ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය වන්නේ මඩකලපුවේ කුරුක්කල්මඩමයි. මීට ඉහතදී උතුරේත්, කොළඹත්, සාම්පුර්හිත්,  මාතලේත් එවැනි විමර්ශන ආරම්භ කෙරුනේ අහම්බයකින් මිනිස් ඇටකටු මතුවීමෙන් අනතුරුවයි.

 

සමුහ මිනී වළක් ඇති බව පැවසෙන එම ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස 2025 අගෝස්තු 25 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් රජයේ නිලධාරීන්ට නියෝග කර තිබුනි.

 

m04
2014 සංචාරක අධිකරණයේ

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 1990 වසරේ  හජ් වන්දනාව අවසන් කර කාත්තන්කුඩිය වෙත පැමිණෙමින් සිටි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් සමුල ඝාතනය කර කුරුක්කල්මඩම්හි  වළ දමා ඇති බවට ප්‍රදේශවාසියකු වන අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් කලවංචිකුඩ් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව 2014 දී කලවංචිකුඩි සංචාරක අධිකරණයේ නඩුවක් ගොනු කර තිබු බවයි.

එම නඩුව 2014 වසරේ ජුලි 01 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ සමුල ඝාතනය කළ පිරිස වළ දමා ඇති බවට සාධාරණ සැකයක් පවතින භුමිය කැනීම් කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස විනිසුරු ඒ.එම් රියාල් නියෝග කළත් එම කටයුතු සිදු නොවු බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

පැමිණිලිකාර  අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් සිය නීතිඥයන් මාර්ගයෙන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද මෝසමක් මත පදනම්ව එකොලොස් වසරකට පසුව  2025 ජුලි 11 වැනි දින සිට විවෘත අධිකරණයේදී මෙම නඩුව යළි විභාගයට ගැනීම ආරම්භ කර තිබුනි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමුහ මිනීවළක් ඇතැයි සැක නැගෙනහිර භූමියක තුන්දින ස්කෑන් පරීක්ෂාවක් | The Leader