අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ඔහු අධිකරණයට කැඳවාගෙන විත් ඇති අතර, සුරේෂ් සලේ සම්බන්ධ මෙම නඩුකරය අද කැඳවීමට නියමිතව ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පුළුල් විමර්ශනවලට අදාළව, ඉකුත් පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නා ලදී.
එතැන් පටන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට යටත්ව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා තබා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සහ විමර්ශන සිදුකරමින් පවතියි.




