The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉබෝලා වෛරසය පිළිබඳව විශේෂ නිවේදනයක්

T

The Leader Desk

May 20, 2026 • 11:55 AM

ඉබෝලා වෛරසය පිළිබඳව විශේෂ නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ නිවේදනයට අනුව ඉබෝලා වෛරස් වසංගත තත්වයක් කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාව යන රටවල් මේ වන විට උද්ගතව පවතින බවත් මෙය මහජන සෞඛ්‍ය තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන දැනුම් දී සිටී.
  • එම තත්වයට සමඟාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ශ්‍රී ලංකාව තුළ පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
  • සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායාතනය මනා ලෙස පෙර සුදානම් කර තැබීම.
  • සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇතැයි දක්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ නිවේදනයට අනුව ඉබෝලා වෛරස් වසංගත තත්වයක් කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාව යන රටවල් මේ වන විට උද්ගතව පවතින බවත් මෙය මහජන සෞඛ්‍ය තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන දැනුම් දී සිටී.

එම තත්වයට සමඟාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ශ්‍රී ලංකාව තුළ පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.  

1- ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණය ශක්තිමත් කිරීම.

2- සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායාතනය මනා ලෙස පෙර සුදානම් කර තැබීම.

3- අවශ්‍ය රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණය ආයතනය සුදානම් කර තැබීම.

4- රටතුළ ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්වය නිරන්තරයෙන් අධ්‍යනය කිරීම.

5- සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අවශ්‍ය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මනා සම්බන්ධීකරණයක් සිදු කිරීම.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇතැයි දක්වා තිබේ.

එමෙන් ම අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත්  කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තත්වය පිළිබඳ අනිසි බියක් මහජනතාව තුළ ඇති කර ගැනීම අවශ්‍ය නොවන අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සියලුම අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව ද අවධාරණ‌ය කර සිටී.

ඉබෝලා වෛරස ව්‍යාප්තිය පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශවල පෙර සූදානම පිළිබඳව නිරීක්ෂණයක්

WhatsApp Image 2026 05 20 at 1.49.13 PM
ඉබෝලා වෛරස ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක මෙරට සෞඛ්‍ය අංශවල පෙර සූදානම පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ගේ ප්‍රධානත්වයෙන් අද (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.  

උද්ගතව ඇති තත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්, ඊට අනුකූලව මෙරට සෞඛ්‍ය අංශ මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළු කරුණු රාශියක් පිළිබඳව මෙහි දී කරුණු ගැඹුරින් සලකා බලනු ලැබීය.

පවතින තත්වය පිළිබඳ මෙරට වැසියන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් තවමත් මෙම වෛරසය ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ සීමිත ප්‍රදේශයක පමණක් පැතිර පවතින බවත් එමෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ වුව ද, දැනටමත් මෙරට සෞඛ්‍ය අංශ පූර්ව සූදානමක ඇති බවත් මෙහි දී අනාවරණය විය.

එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳව තවදුරටත් අනෙකුත් සියලුම පාර්ශ්වයන් සමඟ යළි යළිත් සාකච්ඡා කර අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය සේවා (1) විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආර්නල්ඩ්  හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තිලංග රුවන්පතිරණ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉබෝලා වෛරසය පිළිබඳව විශේෂ නිවේදනයක් | The Leader