පාතාල නායකයකු බව කියන මාකදුරේ මදුෂ් නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කිරීමෙන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය මෙසේ ජූනි දෙවැනි දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යටතේ සිදුකිරීම මගින් තමන්ට අගතියක් වන බවට ප්‍රකාශ කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන ඇතුළු පිරිසක් ගොනුකොට තිබූ රිට් පෙත්සමක් කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ආර්. ගුරුසිංහ සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර හමුවේ සලකා බැලිණ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන, විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇසළම් ද සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, පොලිස්පතිවරයා, නීතිපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
කොළඹ අපරාධ කොට්ඨාසයේ භාරයේ රඳවා සිටියදී මාකඳුරේ මධුෂ් වෙඩිවැදී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පෙත්සම්කරුවෝ පවසති. එකී සිද්ධියට අදාළව කුමන හෝ අවස්ථාවක තමන් නීති විරෝධී අන්දමින් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවට දැනගැනීමට ඇති බවද පෙත්සම්කරුවෝ සඳහන් කර සිටිති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ශානි අබේසේකර, කෝටිපති ව්‍යාපාරික සියාම් ඝාතන නඩුවට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා එල්ල වූවකු වන අතර ඔහු යටතේ මෙම විමර්ශන කටයුතු සිදුකිරීම මගින් තමන්ට අගතියක් සිදුවිය හැකි බව බව පෙත්සම්කරුවෝ සඳහන් කර සිටිති.
එබැවින් මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා යටතේ පැවැත්වීම අතුරු නියෝගයක් නිකුත් ලෙසද පෙත්සම මගින් ඉල්ලා ඇත.
එසේම, මෙම විමර්ශන ඉවත්කිරීම නිකුත්කරණ ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති. මෙම පෙත්සම මැයි මස 15 වැනිදා නැවත කැඳවීමට නියම විය.
නීතිඥ භාචා නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි සබ්රි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com
එබැවින් මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා යටතේ පැවැත්වීම අතුරු නියෝගයක් නිකුත් ලෙසද පෙත්සම මගින් ඉල්ලා ඇත.
එසේම, මෙම විමර්ශන ඉවත්කිරීම නිකුත්කරණ ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති. මෙම පෙත්සම මැයි මස 15 වැනිදා නැවත කැඳවීමට නියම විය.
නීතිඥ භාචා නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි සබ්රි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com




