The Leader News
BREAKING
Top Ad
පුවත්

රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි - ජනපති

T

The Leader Desk

May 20, 2026 • 3:46 PM

රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි - ජනපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
  • 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ අද (20) පැවති මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
  • එහිදී රුපියලේ කඩාවැටීම ගැන තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවය.
  • ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණදෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ අද (20) පැවති මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී රුපියලේ කඩාවැටීම ගැන තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවය. ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණදෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


කෙසේනමුත්, මෙම අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ යළිත් විනාශකාරී ආර්ථික තත්ත්වයක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.


එමෙන්ම මෙම අවස්ථාවේ මෙරට ආර්ථිකයේ කලමනාකරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහන හා බැඳී පවතින බැවින්, ඔවුන්ගේ නිර්දේශවලට යටත්ව කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

WhatsApp Image 2026 05 20 at 19.52.29
"මැදපෙරදිග යුධ තත්ත්වය නිසා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල්, අඩු ආර්ථික හැකියාවන් තියෙන රටවල් යන සෑම රටක්ම භේදයකින් තොරව ආර්ථික අභියෝගයන්ට මුහුණදී තිබෙනවා.

කෙසේ නමුත් ශක්තිමත් ආර්ථික කලමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා.

වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙලා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කරලා.

අපේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙවර 29%කින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා.

ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපේ අපනයනවල අඩුවක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපනයන හරහා ලැබෙන ඩොලර්වල හිඟතාවක් මතුවෙලා.

ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එවන මුදල්වල පසුබැසීමත්, ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩිවීමත් බලපා තිබෙනවා.

ඒ නිසා අපේ රුපියලට තෙරපුමත් ඩොලරයට ඉල්ලුමක් ඇතිව තිබෙනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් නියමිතව තිබෙනවා.

රටවැසියන්ගෙන් ඉල්ලීමක්

කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි.

ආනයන භාණ්ඩ පරිහරණය පිළිබඳ මෙන්ම ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතුයි.

ඒ නිසා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටින් එළියට ගලායන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට තනි තනිව මැදිහත්වන ලෙස" යනුවෙන් පැවසීය.

 sdsdfsdf

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...