The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉහළ උසාවියේ විනිසුරු පුටු අටක් හිස්. ! - අධිකරණ ඇමති රස්තියාදුකාරයකු ගැන කී කතාවකින් සභාව රත්වෙයි

T

The Leader Desk

May 20, 2026 • 3:50 PM

 ඉහළ උසාවියේ විනිසුරු පුටු අටක් හිස්. ! - අධිකරණ ඇමති රස්තියාදුකාරයකු ගැන කී කතාවකින් සභාව රත්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී.
  • පෙරේරා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
  • අධිකරණ ඇමතිතුමා ඔබතුමා මේ පුරප්පාඩු පිරවීමට මැදිහත් වෙනවාද කියලා මම අහන්න කැමතියි.
  • (මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.) ( lankalokaya | අසේල පෙරේරා).
අකුරු ප්‍රමාණය (Font Size):

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ අධිකරණ අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

අජිත් පී. පෙරේරා  මෙසේ ද පැවසීය.

'' යුක්තිය පසිඳවීමේ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් අභියාචනාධිකරණයේ පුරප්පාඩු තුනක් තියෙනවා. මේ පුරප්පාඩු මෙපමණ කාලයක් පවත්වාගෙන යන්න හේතුවක් නෑ. සමහර පුරප්පාඩු මාස හයකටත් වැඩියි.

මේ ප්‍රමාදය නිසා ගෞරවනීය විනිශ්චකාරවරයෙකුට විශ්‍රාම යන්න වුණා. ඒ ගනේපොළ විනිශ්චකාරතුමා. කිසිම සාධාරණ හේතුවක් නෑ. අධිකරණ ඇමතිතුමා ඔබතුමා මේ පුරප්පාඩු පිරවීමට මැදිහත් වෙනවාද කියලා මම අහන්න කැමතියි. මෙතන වගකීම තියෙන්නේ ජනාධිපතිතුමාට. එතුමා මෙම පුරප්පාඩුවලට සුදුස්සන් නිර්දේශ කරන තුරු ව්‍යවස්ථාදායක සභාවට පත් කරන්න බැහැ.

අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර: මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මම බැඳී නැහැ.

විපක්ෂ මන්ත්‍රීවරයෙක්: ලැජ්ජයි. හිරිකිතයි.

අධිකරණ ඇමති: ලැජ්ජා නෙවෙයි. රස්තියාදුකාරයෙක් විදියට ප්‍රශ්න අහන්න එපා.

(මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.)

( lankalokaya | අසේල පෙරේරා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...