ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රුපියල පිළිබඳ වාර්තාවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව පහත වැටීමකට ලක් වූ අතර එය තවදුරටත් අවප්‍රමාණය විය හැකි බව එම වාර්තාවේ සඳහන්ය.
ශ්‍රී ලංකා රුපියලේ අගය කෙටි කාලීනව මෙලෙස පහත වැටීම සහ බ්ලූම්බර්ග් (Bloomberg) වැනි ජාත්‍යන්තර මූල්‍ය මාධ්‍ය ආයතනයක් මඟින් එය "ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය" ලෙස නම් කිරීම ආර්ථිකමය වශයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයකි.
මෙම තත්ත්වයට බලපාන පොදු සාධක
සාමාන්‍යයෙන් මුදල් ඒකකයක් මෙලෙස කෙටි කාලීනව දැඩි ලෙස අවප්‍රමාණය වීමට බලපාන ප්‍රධාන ආර්ථික සාධක කිහිපයකි.
ඩොලර් ඉල්ලුම ඉහළ යාම:
ආනයන කටයුතු හෝ ණය පියවීම් සඳහා වෙළෙඳපොළ තුළ ඇමෙරිකානු ඩොලර් සඳහා පවතින ඉල්ලුම හදිසියේ ඉහළ යාම.
ගෝලීය දේශපාලන හා ආර්ථික තත්ත්ව:
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හෝ ජාත්‍යන්තර දේශපාලන අර්බුද හේතුවෙන් ආයෝජකයින් නැවතත් ආරක්ෂිත මුදල් ඒකකයක් ලෙස ඩොලරය වෙත යොමු වීම.
මහ බැංකු ප්‍රතිපත්ති:
පොලී අනුපාතික සහ විදේශ විනිමය වෙළෙඳපොළ හැසිරවීම සම්බන්ධයෙන් ගන්නා තීරණ.
රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි - ජනපති
කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඊයේ (20) පැවති මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් පවසා සිටියේ, රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් පවතිනු ඇති බවත් එයට සියලුදෙනා ශක්තිමත්ව මුහුණදෙන ලෙසත්ය.
මැදපෙරදිග යුදමය තත්ත්වය මෙරට තුළ ඩොලර් අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇති බවත්, එම තත්ත්වය පාලනය කරගැනීමට ගතයුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
කෙසේනමුත්, මෙම අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ යළිත් විනාශකාරී ආර්ථික තත්ත්වයක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික විය. එමෙන්ම මෙම අවස්ථාවේ මෙරට ආර්ථිකයේ කලමනාකරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහන හා බැඳී පවතින බැවින්, ඔවුන්ගේ නිර්දේශවලට යටත්ව කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
රවිගෙන් විකල්ප අදහසක්
රුපියල අවප්‍රමාණය වීම සාමාන්‍ය ජනතාවට සෘජුවම බලපාන්නේ ආනයනික භාණ්ඩ (ඉන්ධන, ගෑස්, ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය) මිල ඉහළ යාම හරහාය. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි මෙය "කෙටි කාලීන" පසුබෑමක් වීමට නම්,
1- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය අඛණ්ඩව ලැබීම.
2- විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම ස්ථාවරව පවත්වා ගැනීම.
3- අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග වැදගත් වනු ඇත.
ආර්ථිකය යනු සංකීර්ණ විෂයකි. මෙවැනි අවස්ථාවක දේශපාලන ස්ථාවරත්වය සහ නිවැරදි මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීම රටේ අනාගතයට තීරණාත්මක වන බව හිටපු මුදල් අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසිය.
ජනාධිපතිවරයා මේ අවස්තාවේදි, බය නැතිව කෙලින් තීරණ ගත යුතු බවත්, අද ගත් තීරණ හෙට පීඩනය ආවිට, ආපස්සට හරවන්නේ නැතිව, සැලසුමකට අනුව කටයුතු කල බවත් ඔහු කියා සිටියේය.
මේ අවස්තාවේදි, ඉංදියාව ඇතුළු ආසියාතික රටවල් ගනනාවක්, ඉතා දරුණු ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් ගෙන ඇති අතර, ශ්‍රි ලංකා රජය, එවැනි රටවල් වලින් ඉගෙන ගත යුතු බව ද රවී කරුනානායක අවධාරණය කලේය.
මුලාශ්‍රය :
Sri Lankan Rupee Weakness Due to Speculation, Official Says - Bloomberg




