The Leader News
BREAKING
Top Ad
පුවත්

වහාම දිලුම් අත්අඩංගුවට ගන්න ! - ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්

T

The Leader Desk

May 21, 2026 • 5:12 AM

වහාම දිලුම් අත්අඩංගුවට ගන්න ! - ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිළුම් අමුණුගම මෙහිදී පැහැදිලිවම කරන්නේ වින්දිත දැරියට බලපෑමක් යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසිය.
  • වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීමේ පනතට අනුව එය අපරාධමය වරදක් යැයි ද එනිසා නීතිය අනුව කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියට හා පොලිස් කාර්යාංශයට බල කරන්නේ යැයි ද වෛද්‍යවරිය කීය.
  • සහ කම්පනයක් ඇති හදවතේ දයාවක් ඇති සමාජයක යුතුකම වන්නේ වින්දිත දැරිය වෙනුවෙන් පෙනීසිටීමයි.
  • නමුත් මේ සිදුවන විගඩම් හා නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතාව නිසා සැකකාර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට විශේෂ සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


දිළුම් අමුණුගම මෙහිදී පැහැදිලිවම කරන්නේ වින්දිත දැරියට බලපෑමක් යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසිය.

වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීමේ පනතට අනුව එය අපරාධමය වරදක් යැයි ද එනිසා නීතිය අනුව කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියට හා පොලිස් කාර්යාංශයට බල කරන්නේ යැයි ද වෛද්‍යවරිය කීය.

මෙම සටන කිසිසේත්ම බුද්ධ ශාසනයට හෝ අටමස්ථානයට එරෙහිව කෙරෙන එකක් නොව, තනතුරු සහ බලය අනිසි ලෙස භාවිත කරමින් අපරාධ සැඟවීමට හෝ වින්දිතයන් යටපත් කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට එරෙහිව කෙරෙන නීතිමය ක්‍රියාවලියක් බව පැවසු වෛද්‍යවරිය, මෙවැනි සිදුවීම්වලදී ළමා අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සිවිල් සංවිධාන සහ වෘත්තිකයන් හඬ නැඟීම, සමාජයේ යුක්තිය සහ සාධාරණත්වය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක් බවද කියා සිටියාය.

තවදුරටත් ඇය මෙසේ ද කීය.

"අප මේ පෙනී සිටින්නේ දරුවා වෙනුවෙන්. අපරාධය කවුරු කළත් අපරාධයක්. සහ කම්පනයක් ඇති හදවතේ දයාවක් ඇති සමාජයක යුතුකම වන්නේ වින්දිත දැරිය වෙනුවෙන් පෙනීසිටීමයි. නමුත් මේ සිදුවන විගඩම් හා නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතාව නිසා සැකකාර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට විශේෂ සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා. අපි ගරු කරන්නේ අටමස්ථානයට. අප ප්‍රශ්න කරන්නේ බලය පාවිච්චි කරන හේමරතන නමැති පුද්ගලයාවයි. මෙතන අපට ආගම සම්බන්ධයෙන්වත් සංඝ ශාසනය සම්බන්ධයෙන්වත් ගැටලුවක් නෑ. ගැටළුව ඇත්තේ සැකකරුවකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උදාසීන වන ආයතන සම්බන්ධයෙන්. එනිසා ළමා ආරක්ෂක අධිකාරියත් පොලිසියත් වටේ යන්නෙ නැතිව කඩිනමින් ක්‍රියාත්මක වන්න"

"ළමා හිංසනයට තිත" සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය තුෂ් වික්‍රමනායක පෙන්වා දෙන පරිදි, ලංකාවේ පවතින "වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත" අනුව,

* වින්දිතයෙකු අපහසුතාවයට පත් කිරීම, තර්ජනය කිරීම හෝ ඔවුන්ගේ අනන්‍යතාවයට හානි පමුණුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම බරපතළ අපරාධමය වරදකි.

* මෙවැනි නඩුවකදී ආගමික හෝ දේශපාලනික තනතුරු නොසලකා සැමට සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

703434010 10163626087891773 7366096481353005210 n
මෙම සිදුවීම සමාජය තුළ දැඩි කතාබහට ලක්වන, එකිනෙකට වෙනස් මත පළවන සංවේදී මාතෘකාවක් බව පැහැදිලියි. කෙසේවුවද මෙම කරුණ සම්බන්ධයෙන් නීතිමය, සදාචාරාත්මක සහ මානුෂීය පැති කිහිපයක් අපක්ෂපාතීව තේරුම් ගත යුතුය.

දේශපාලන ක්ෂේත්‍රයේ හෝ සමාජයේ ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ නිකුත් කළද, නීතිමය ක්‍රියාවලියකදී සහ ළමා ආරක්ෂණ පද්ධතිය තුළ කරුණු දෙස බලන ආකාරය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්වේ.

1. වින්දිතයාගේ වයස සහ නීතිමය තත්ත්වය

ළමා අයිතිවාසිකම්:
නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු ඕනෑම අයෙකු "ළමයෙකු" ලෙස සැලකේ. ළමයෙකු තම කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කිසියම් ලිංගික කටයුත්තකට හෝ අපයෝජනයකට ලක් වුවද, නීතිය ඉදිරියේ ඇය සැමවිටම සලකනු ලබන්නේ "වින්දිතයෙකු" (Victim) ලෙස පමණි.

ලේබල් කිරීමේ නීතිමය බාධා:
බාලවයස්කාර දැරියක කිසිදු ලෙසකින් "ගණිකාවක" ලෙස හැඳින්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැත. එසේ හැඳින්වීම වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදකි.

2. පොලිස් සහ අධිකරණ ක්‍රියාවලිය

ලංකාවේ පවතින අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව, යම් බරපතළ පැමිණිල්ලක් හෝ ප්‍රකාශයක් ලැබුණු විටෙක:

* චෝදනාවට ලක්වන පුද්ගලයාගේ තරාතිරම, ආගමික නායකත්වය හෝ දේශපාලන බලය කුමක් වුවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය නීතිමය වශයෙන් බැඳී සිටී.

* පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලබන්නේ හෝ රඳවා තබා ගනු ලබන්නේ පොලිසියේ පෞද්ගලික වුවමනාවකට නොව, අදාළ ප්‍රකාශ සහ සාක්ෂි විමර්ශනය කිරීම සඳහා අධිකරණ නියෝග සහ නීතිමය ප්‍රතිපාදන මතය.

3. ආගමික ආයතන සහ පුද්ගලයන් වෙන් කර බැලීම

සමාජ ක්‍රියාකාරීන් සහ නීතිවේදීන් පෙන්වා දෙන්නේ පූජනීය ස්ථානවලට හෝ සමස්ත මහා සංඝරත්නයට ඇති ගෞරවය, වරදක් කර ඇති බවට සැකකෙරෙන තනි පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සඳහා "ආවරණයක්" කර නොගත යුතු බවයි.

නීතිය සැමට සමාන විය යුතු අතර, අවසන් තීන්දුව ලබා දිය යුත්තේ දේශපාලන වේදිකාවලින් හෝ මාධ්‍ය ප්‍රකාශවලින් නොව, ඉදිරිපත් වන සාක්ෂි විමර්ශනය කිරීමෙන් පසු ගරු අධිකරණය විසිනි. එහිදී වින්දිත ළමයාගේ ආරක්ෂාව සහ රහස්‍යභාවය රැකීම සමාජයේම වගකීමකි.

sujith a294k56u8khft777o8877t

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වහාම දිලුම් අත්අඩංගුවට ගන්න ! - ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් | The Leader