The Leader News
BREAKING
Top Ad
පුවත්

ළමා ඇමැතිනියගෙන් දිලුම් අමුණුගමට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

T

The Leader Desk

May 21, 2026 • 11:47 AM

ළමා ඇමැතිනියගෙන් දිලුම් අමුණුගමට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුකරයක වින්දිත දැරියට බරපතල අගතියක් එමගින් සිදුවක බව නිරීක්ෂණය වන බව කියමින් මෙම පැමිණිල්ල කර තිබේ.
  • "ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අත්අඩංගුවට අරන්" යනුවෙන් වූ අදාළ ප්‍රකාශය සහිත වීඩියෝ සබැඳිය (Video link) ද සහිතව අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් හරහා ලිඛිතව එම පැමිණිල්ල කර තිබේ.
  • අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව මෙමගින් වින්දිත දැරියට අගතියක් වී ඇතැයි ද එහි සඳහන්වේ.
  • ඇමැතිවරියගේ පැමිණිල්ලේ අඩංගු ප්‍රධාන නීතිමය සහ සදාචාරාත්මක කරුණු: වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය වීම: අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුව, මෙම ප්‍රකාශය මඟින් වින්දිත දැරියට බරපතල අගතියක් සහ බලපෑමක් සිදුව ඇති බව.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුකරයක වින්දිත දැරියට බරපතල අගතියක් එමගින් සිදුවක බව නිරීක්ෂණය වන බව කියමින් මෙම පැමිණිල්ල කර තිබේ.

"ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අත්අඩංගුවට අරන්" යනුවෙන් වූ අදාළ ප්‍රකාශය සහිත වීඩියෝ සබැඳිය (Video link) ද සහිතව අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් හරහා ලිඛිතව එම පැමිණිල්ල කර තිබේ.

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව මෙමගින් වින්දිත දැරියට අගතියක් වී ඇතැයි ද එහි සඳහන්වේ.

තවද බාල වයස්කාර දැරියකට අවමන් කිරීම වාචික හිංසනය යටතේ බරපතළ වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන්ද කඩිනම් විමර්ශනයක් කරන්නැයි ඇමැතිවරිය ඉල්ලා තිබේ.

ඇමැතිවරියගේ පැමිණිල්ලේ අඩංගු ප්‍රධාන නීතිමය සහ සදාචාරාත්මක කරුණු:

වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය වීම:
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුව, මෙම ප්‍රකාශය මඟින් වින්දිත දැරියට බරපතල අගතියක් සහ බලපෑමක් සිදුව ඇති බව.

වාචික හිංසනය:
බාලවයස්කාර දැරියකට මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ හරහා අවමන් කිරීම වාචික හිංසනය (Verbal Abuse) යටතට වැටෙන බරපතළ වරදක් බව.

(සටහන | ගිම්හාන් ද සිල්වා)


සබැඳි ලිපි :

වහාම දිලුම් අත්අඩංගුවට ගන්න ! - ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්

එක මිටට, NGO සහ සර්වජන බලය.. | Bingun Menaka Gamage

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...