The Leader News
BREAKING
Top Ad
පුවත්

වාහන ආනයන තොරතුරු කලින් පිටවූවාද? – මහාචාර්ය වසන්ත අතුකෝරල සැක පළ කරයි

T

The Leader Desk

May 21, 2026 • 12:04 PM

වාහන ආනයන තොරතුරු කලින් පිටවූවාද? – මහාචාර්ය වසන්ත අතුකෝරල සැක පළ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ අදහස් පළ කරන්නේ රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් කර ඇති නිල දත්ත පදනම් කරගෙනය.
  • මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, 2026 මැයි 15 වන දින මෙරට බැංකු මගින් වාහන ආනයනය සඳහා LC 380ක් පමණ විවෘත කර ඇති අතර, එදිනම වාහන 1782ක් සඳහා ඇණවුම් ලබාදී ඇති බවත්, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 23.71ක මුදලක් වැය වී ඇති බවත් අදාළ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර ඇති බවයි.
  • එම සංඛ්‍යා දත්ත සාමාන්‍ය ප්‍රවණතාවන් සමඟ සැසඳීමේදී සැලකිය යුතු අසාමාන්‍යතාවයක් පෙනී යන බව ඔහු පෙන්වා දෙයි.
  • වසරේ වාහන ආනයනය සඳහා වැඩිම වියදම දැරූ මාසය දෙසැම්බර් වන අතර එහි මුළු වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 240.9ක් බවත්, එම වසරේ සමස්ත වාහන ආනයන වියදම ඩොලර් මිලියන 1606ක් බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ අදහස් පළ කරන්නේ රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් කර ඇති නිල දත්ත පදනම් කරගෙනය.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, 2026 මැයි 15 වන දින මෙරට බැංකු මගින් වාහන ආනයනය සඳහා LC 380ක් පමණ විවෘත කර ඇති අතර, එදිනම වාහන 1782ක් සඳහා ඇණවුම් ලබාදී ඇති බවත්, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 23.71ක මුදලක් වැය වී ඇති බවත් අදාළ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර ඇති බවයි.

එම සංඛ්‍යා දත්ත සාමාන්‍ය ප්‍රවණතාවන් සමඟ සැසඳීමේදී සැලකිය යුතු අසාමාන්‍යතාවයක් පෙනී යන බව ඔහු පෙන්වා දෙයි.

2025 වසරේ වාහන ආනයනය සඳහා වැඩිම වියදම දැරූ මාසය දෙසැම්බර් වන අතර එහි මුළු වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 240.9ක් බවත්, එම වසරේ සමස්ත වාහන ආනයන වියදම ඩොලර් මිලියන 1606ක් බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය දෛනික වියදම ඩොලර් මිලියන 4.4ක් පමණ වන බවද ඔහු කියා සිටී.

එසේම, 2026 වසරේ මුල් මාස තුන තුළ වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 459.7ක් වැය කර ඇති අතර, එය මාසිකව ඩොලර් මිලියන 153.2ක සාමාන්‍යයක් බවත්, දෛනික වියදම ඩොලර් මිලියන 5ක් පමණ බවත් ඔහු පෙන්වා දෙයි.

 

මෙවැනි පසුබිමක, එක් දිනක් තුළ පමණක් ඩොලර් මිලියන 23.71ක වටිනාකමින් යුත් වාහන ආනයන ඇණවුම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බව මහාචාර්ය අතුකෝරලගේ අදහසයි.

 

ඒ අනුව, රජයේ අභ්‍යන්තර තොරතුරු කිසියම් පාර්ශ්ව වෙත කලින්ම පිටවී තිබේද යන්න සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කරයි.

තවද, මැයි 15ට පෙර දිනවලද මෙවැනි අසාමාන්‍ය LC විවෘත කිරීම් සිදුවී තිබේද යන්න සොයා බැලිය යුතු බව පවසන මහාචාර්යවරයා, එසේ වූයේ නම් එමගින් රටේ විදේශ විනිමය පීඩනය, උද්ධමනය සහ ජනතාවගේ මූර්ත වැටුප් මත අමතර බරක් වැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවද අනතුරු අඟවයි.

මෙවැනි රටේ ආර්ථිකයට අදාළ සංවේදී තොරතුරු කලින් පිටවීම (Information Leakage) හරහා ඇතැම් ව්‍යාපාරිකයන්ට හෝ පුද්ගලයන්ට අසාධාරණ වාසි සහගත තත්ත්වයන් නිර්මාණය විය හැකි බැවින්, එය ආර්ථිකමය වශයෙන් මෙන්ම විනිවිදභාවය අතින් ද බරපතළ ගැටලුවක් බව ද ඔහු කියා සිටියි.

(සටහන | ගිම්හාන් ද සිල්වා )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වාහන ආනයන තොරතුරු කලින් පිටවූවාද? – මහාචාර්ය වසන්ත අතුකෝරල සැක පළ කරයි | The Leader