The Leader News
BREAKING
Top Ad
පුවත්

තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නැහැ - බලශක්ති ඇමති

T

The Leader Desk

May 21, 2026 • 4:43 PM

තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නැහැ - බලශක්ති ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම පිණිස කටයුතු කර ඇතත් තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නොමැති බව බලශක්ති අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
  • පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා ඉහත කරුණු දැක්වීය.
  • පුනර්ජනනීය බලශක්තිය ගබඩා කිරීම සදහා වන බැටරි (BESS) පද්ධති ඉදිකිරීමට කටයුතු කරන බවද ඒ අනුව මෙගාවොට් 160ක පද්ධතියක් ඉදිකිරීම සදහා ටෙන්ඩර් ප්‍රදානය කර අවසන් බවද තවත් මෙගාවොට් 300ක පද්ධතියක් සදහා නුදුරේදීම කැදවීමට නියමිත බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම පිණිස කටයුතු කර ඇතත් තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නොමැති බව බලශක්ති අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා ඉහත කරුණු දැක්වීය.

''පුනර්ජනනීය බලශක්තිය අධෛර්යමත් කරන්නේ නැහැ'' 

තවද පුනර්ජනනීය බලශක්තිය සීමාකිරීම හෝ අධෛර්යමත් කිරීමට කටයුතු නොකරන බවත් තාක්ෂණික හේතු මත එනම් අඩු විදුලි ඉල්ලුමක් සහ ඉහළ පුනර්ජනනීය බලශක්ති සැපයුමක් ඇති අවස්ථාවල පද්ධතියේ ස්ථාවරතාවය රැක ගැනීම පිණිස යම් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
පුනර්ජනනීය බලශක්තිය ගබඩා කිරීම සදහා වන බැටරි (BESS) පද්ධති ඉදිකිරීමට කටයුතු කරන බවද ඒ අනුව මෙගාවොට් 160ක පද්ධතියක් ඉදිකිරීම සදහා ටෙන්ඩර් ප්‍රදානය කර අවසන් බවද තවත් මෙගාවොට් 300ක පද්ධතියක් සදහා නුදුරේදීම කැදවීමට නියමිත බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
 

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...