The Leader News
BREAKING
Top Ad
පුවත්

තොරතුරු පනත සංශෝධනයට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගෙන් දැඩි විරෝධය

T

The Leader Desk

May 21, 2026 • 4:54 PM

තොරතුරු පනත සංශෝධනයට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගෙන් දැඩි විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දැඩි විරෝධය පළ කර තිබේ.
  • අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය විසින් නිල සාකච්ඡාවකදී අනාවරණය කළ බව සංගමය පවසයි.
  • සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක සහ ලේකම් මිතුන් ජයවර්ධනගේ අස්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, RTI පනත වෙනස් කිරීමේ මුවාවෙන් ජනතාවගේ මූලික තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවට බරපතළ සැකයක් මතුව ඇති බවය.
  • තොරතුරු දැනගැනීමේ කොමිසම මේ වනවිට බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව පෙන්වා දෙන සංගමය, කාර්ය මණ්ඩල හිඟය, කොමිසමේ සාමාජිකයින් නොමැතිවීම, රජයේ ආයතනවල අකීකරුකම සහ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තොරතුරු නිකුත් කිරීම ප්‍රමාද කිරීම වැනි කරුණු දැඩි අවධානයට ලක් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දැඩි විරෝධය පළ කර තිබේ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය විසින් නිල සාකච්ඡාවකදී අනාවරණය කළ බව සංගමය පවසයි.

සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක සහ ලේකම් මිතුන් ජයවර්ධනගේ අස්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, RTI පනත වෙනස් කිරීමේ මුවාවෙන් ජනතාවගේ මූලික තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවට බරපතළ සැකයක් මතුව ඇති බවය.

පොදු මහජනතාව සහ ජනමාධ්‍යවේදීන් රජයේ ආයතනවලින් තොරතුරු ඉල්ලා සිටීම වත්මන් ආණ්ඩුවට ගැටලුවක් වී තිබේදැයි වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය  එම නිවේදනය මගින් මතු කර තිබේ.


තොරතුරු දැනගැනීමේ කොමිසම මේ වනවිට බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව පෙන්වා දෙන සංගමය, කාර්ය මණ්ඩල හිඟය, කොමිසමේ සාමාජිකයින් නොමැතිවීම, රජයේ ආයතනවල අකීකරුකම සහ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තොරතුරු නිකුත් කිරීම ප්‍රමාද කිරීම වැනි කරුණු දැඩි අවධානයට ලක් කර තිබේ.


විශේෂයෙන්ම, තොරතුරු ලබාදීම පැහැර හැරීම නරක පූර්වාදර්ශයක් බවත්, එම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී රජයේ ආයතන තොරතුරු කොමිසම නොසලකා හැරීමේ අවදානමක් පවතින බවත් එම නිවේදනයේ සඳහන් වේ.

තොරතුරු දැනගැනීමේ කොමිසම ශක්තිමත් කිරීම වෙනුවට එය දුර්වල කරන ඕනෑම පියවරකට එරෙහිව සිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන සමඟ එක්ව දැඩි විරෝධතා ව්‍යාපාරයකට යන බවද අවධාරණය කරයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා )

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තොරතුරු පනත සංශෝධනයට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගෙන් දැඩි විරෝධය | The Leader