වර්ෂාධික කාලගුණය මධ්‍යයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා 6ක් පමණ මේවනවිට මෙලෙස මත්තල ගුවන්තොටුපොළට යොමුකර තිබේ.
මෙලෙස හරවා යවන ගුවන් යානා, කටුනායක ප්‍රදේශයේ කාලගුණය යහපත් වූ සැනින් නැවතත් මගීන් සමඟ කටුනායක බලා පියාසර කරවීම හෝ මත්තලින් මගීන් බස්සවා ප්‍රවාහන පහසුකම් සැලසීමට සැලසුම් කර ඇත.
ලංකාවේ ප්‍රධානතම විකල්ප ගුවන්තොටුපොළ (Alternate Airport) ලෙස මත්තල ක්‍රියාත්මක වන නිසා, කටුනායක ප්‍රදේශයට අධික වැසි හෝ දෘශ්‍යතාව අඩුවීම (Low Visibility) බලපාන අවස්ථාවලදී යානාවල ආරක්ෂාව වෙනුවෙන් ඒවා මත්තලට යොමු කිරීම සිදුකරයි.




