The Leader News
BREAKING
Top Ad
පුවත්

ලෝකයම හෙලාදුටු ඊශ්‍රායෙල් ඇමැති ගේ නොසන්ඩාල වැඩ ගැන ශ්‍රී ලංකාව ‘කනස්සල්ලෙන්’

T

The Leader Desk

May 22, 2026 • 5:31 AM

ලෝකයම හෙලාදුටු ඊශ්‍රායෙල් ඇමැති ගේ නොසන්ඩාල වැඩ ගැන ශ්‍රී ලංකාව ‘කනස්සල්ලෙන්’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයට ආහාර හා ඖෂධ ආදී ආධාර රැගත් Global Sumud Flotilla යාත්‍රා සමූහයට එක්වීමට ශ්‍රී ලංකාවෙන් ගිය සමීරා මෙහ්බුබ්ඩීන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රියාධාරීන් රැසක් සයිප්‍රසය සමීපයේ මුහුද මැදදී ඊශ්‍රායලය විසින් මැයි 18දා පැහැර ගෙන තිබුනි.
  • ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය අන්ත දක්ෂිනාංශික ඉටමාර් බෙන්-ග්වීර් විසින් පළ කරන ලද, වීඩියෝ පටයක දැක්වෙන්නේ පැහැරගන්නා ලද “Global Sumud Flotilla”වෙන් පැමිණි 140ක් පමණ රැඳවියන් ඇෂ්ඩොඩ් වරායේදී ගැටගසා, ඇදගෙන ගොස් දණගස්වා තබන ආකාරයයි.
  • ඊශ්‍රායෙල් ඇමැතිගේ ක්‍රියා කලාපය යුරෝපා සංගමය, යුක්රේනය, බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය විසින් දැඩි ලෙස හෙලා දැක තිබුණි.
  • අත් අඩංගුවට ගන්නා ලද ජගත් ක්‍රියාධාරීන් සමූහය ‘හමාස් ත්‍රස්තවාදයට ආධාර කරන්නන්’ ලෙස හැඳින්වූ ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කොට තිබුනේ ඉටමාර් බෙන්-ග්වීර්ගේ චර්යාව ‘ඊශ්‍රායෙල් සාරධර්ම හා පිළිවෙත්වලට නොගැලපෙන’ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැයි 21 වැනි දින මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඊශ්‍රායල අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවීර් විසින් පළ කරන ලද, “Global Sumud Flotilla” හි රැඳවියන්ට අමානුෂික ලෙස සලකන ආකාරය නිරූපණය කෙරෙන වීඩියෝ පට සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රජය "දැඩි කනස්සල්ල සහ සංවේගය" පළ කරන බවයි.

ඊට පෙරදා නියෝජ්‍ය විදේශ අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවට දන්වා සිටියේ අත් අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ක්‍රියාධාරිනි සමීරා මෙහ්බුබ්ඩීන් ගේ ‘තත්වය සොයා බලා ඇගේ ආරක්ෂාව සහතික කොට ඇගේ රැඳවුමේ නෛතික හා පටිපාටිමය කාරණා පිළිබඳව දැනගැනීමට අවශ්‍ය ප්‍රවේශය සලසන ලෙස ටෙල් අවිව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිල වශයෙන් ඉල්ලා ඇති’ බවයි.

 

ගාසා තීරයට ආහාර හා ඖෂධ ආදී  ආධාර රැගත් Global Sumud Flotilla යාත්‍රා සමූහයට එක්වීමට ශ්‍රී ලංකාවෙන් ගිය සමීරා මෙහ්බුබ්ඩීන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රියාධාරීන් රැසක් සයිප්‍රසය සමීපයේ මුහුද මැදදී ඊශ්‍රායලය විසින් මැයි 18දා පැහැර ගෙන තිබුනි. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය අන්ත දක්ෂිනාංශික ඉටමාර් බෙන්-ග්වීර් විසින් පළ කරන ලද, වීඩියෝ පටයක දැක්වෙන්නේ පැහැරගන්නා ලද “Global Sumud Flotilla”වෙන් පැමිණි 140ක් පමණ  රැඳවියන් ඇෂ්ඩොඩ් වරායේදී ගැටගසා, ඇදගෙන ගොස් දණගස්වා තබන ආකාරයයි.

 

විදේශීය ආණ්ඩු කිහිපයක්ම තම විරෝධය පල කිරීම සඳහා ඊශ්‍රායෙල් තානාපතිවරුන් කැඳවා තිබුණි. ඉතාලිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව, පෝලන්තය හා නවසීලන්තය ඒ අතර වෙයි. ඊශ්‍රායෙල් ඇමැතිගේ ක්‍රියා කලාපය යුරෝපා සංගමය, යුක්රේනය, බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය විසින් දැඩි ලෙස හෙලා දැක තිබුණි.

අත් අඩංගුවට ගන්නා ලද ජගත් ක්‍රියාධාරීන් සමූහය ‘හමාස් ත්‍රස්තවාදයට ආධාර කරන්නන්’ ලෙස හැඳින්වූ ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කොට තිබුනේ ඉටමාර් බෙන්-ග්වීර්ගේ චර්යාව ‘ඊශ්‍රායෙල් සාරධර්ම හා පිළිවෙත්වලට නොගැලපෙන’ බවයි. ක්‍රියාධාරීන් පිරිස රටින් පිටමං කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඔහු විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

කෙසේවෙතත්, අත් අඩංගුවේ පසුවන සාම ක්‍රියාධාරීන්ට අවමාන සහගත හිංසා පීඩා කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් විපක්ෂය දැඩි ලෙස චෝදනා කර තිබුනේ අගමැති නෙතන්යාහුටයි.

“මේ සිද්ධියේද වගකීම පළමුකොට පැවරෙන්නේ ඔහු පත්කළ අගමැතිවරයාටයි. ඊශ්‍රායෙල් අවශ්‍යතා සැබවින්ම මුල් තැනක ලා සලකන අගමැතිවරයකු නම් ඔහු නෙරපීමට තිබුනේ බොහෝ කලකට පෙරය,” යි යෂාර් පක්ෂ නායක ගාඩි අයිසන්කොට් පවසා තිබුණි.

හිටපු අගමැති ලයිර් ලපිඩ් ද පවසා තිබුනේ බෙන් ග්විර් ගේ ක්‍රියා කලාපයේ වගකීම අගමැති නෙතන්යාහුද හවුලේ දැරිය යුතු බවයි.

 

බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණියගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ගෞරවය සහතික කිරීම සහ කඩිනමින් සහ ආරක්ෂිතව ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීම ද ඇතුළත් වන ක්ෂණික කොන්සියුලර් සහාය සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, දැනටමත් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයේ සඳහන්ය. එහි තව දුරටත් සදහන්ව ඇත්තේ  විදේශයන්හි සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මුළුමනින්ම කැපවී කටයුතු කරන බවයි.

 

ඊශ්‍රායලය විසින් පැහැර ගන්නා ලද සමීරා මෙහ්බුබ්ඩීන්ගේ නිදහස වෙනුවෙන් වහාම මැදිහත් වන ලෙස රජයට බලකරමින් නිදහස් පලස්තීනය සඳහා ව්‍යාපාරය මැයි 19 වැනිදා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිටදී  උද්ඝෝෂණක් ද දියත් කර තිබුනි.

විදේශ අමාත්‍යංශ නිලධාරියෙක් එහිදි  විරෝධතාකරුවන්ට හමුවේ සදහන් කර තිබුනේ  "ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් කොයි ලෝකේ හරි ඉන්නවානම්, බේරා ගැනීම අපේ අයිතියක්" ලෙසයි.

කෙසේ වෙතත්, සමීරාගේ තත්වය පිළිබඳව ටෙල් අවිව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනගෙන තිබුනේ මොනවාදැයි  බ්‍රහස්පතින්දා (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ආණ්ඩුව කිසිදු දැනුම් දීමක් කර නැත.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකයම හෙලාදුටු ඊශ්‍රායෙල් ඇමැති ගේ නොසන්ඩාල වැඩ ගැන ශ්‍රී ලංකාව ‘කනස්සල්ලෙන්’ | The Leader