The Leader News
BREAKING
Top Ad
පුවත්

යුද හමුදාවේ 'විරු තුරු සෙවණ' අද සිට

T

The Leader Desk

May 22, 2026 • 9:50 AM

යුද හමුදාවේ 'විරු තුරු සෙවණ' අද සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවිපිදු හමුදා සාමාජිකයින්ට සහ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයන්ට ජීවමාන උපහාරයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
  • පාරිසරික හානිය ප්‍රතිස්ථාපනය කිරීම සහ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික මෙහෙවරේ අරමුණු සාර්ථක කරගැනීමද මෙම වැඩසටහනේ අරමුණ බව යුද්ධ හමුදාව සඳහන් කරයි.
  • වැඩසටහනේ සමාරම්භක උත්සවය අද කුරුණෑගල, ගනේවත්ත ඔසු උයනේදී පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ලසන්ත රුද්‍රිගෝ සහභාගී වීමට නියමිතය.
  • එහිදී පැළ 300ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇති අතර එය දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහනේ සංකේතාත්මක ආරම්භය ලෙස සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දිවිපිදු හමුදා සාමාජිකයින්ට සහ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයන්ට ජීවමාන උපහාරයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

පාරිසරික හානිය ප්‍රතිස්ථාපනය කිරීම සහ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික මෙහෙවරේ අරමුණු සාර්ථක කරගැනීමද මෙම වැඩසටහනේ අරමුණ බව යුද්ධ හමුදාව සඳහන් කරයි.

වැඩසටහනේ සමාරම්භක උත්සවය අද කුරුණෑගල, ගනේවත්ත ඔසු උයනේදී පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ලසන්ත රුද්‍රිගෝ සහභාගී වීමට නියමිතය.

එහිදී පැළ 300ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇති අතර එය දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහනේ සංකේතාත්මක ආරම්භය ලෙස සැලකේ.

මෙම රුක් රෝපණ වැඩසටහන මැයි 22 සිට ජුනි 04 දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ දිස්ත්‍රික්ක රැසක් ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ස්වාභාවික ව්‍යසනවලින් තොර, හරිතවත් හා සෞභාග්‍යයෙන් පිරි පරිසරයක් මතු පරපුරට උරුම කර දීම මෙම හරිත මෙහෙයුමේ ප්‍රධාන අරමුණ බවද යුද්ධ හමුදාව පවසයි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් මෙන්ම සිවිල් ජනතාවගේ සහයෝගයද අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද හමුදාවේ 'විරු තුරු සෙවණ' අද සිට | The Leader