දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී MRIA ගුවන්තොටුපළ ගුවන්සේවා ක්ෂේත්‍රය සඳහා ගැලපෙන අයුරින් සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. ආයෝජකයන්ට තම ගැටලු සහ යෝජනා ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව ලබාදුන් අතර අදාළ නිලධාරීන් විසින් ඒ සඳහා පැහැදිලි කිරීම් සිදුකරන ලදී.
පසුගිය කාලය තුළ මතුව තිබූ අභියෝග කිහිපයකට විසඳුම් ලබාදෙමින්, ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශ විධිමත්ව සංවර්ධනය කිරීම, ආරක්ෂක ක්‍රමවේද ශක්තිමත් කිරීම සහ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර ආයෝජකයන්ගෙන් සැලකිය යුතු උනන්දුවක් සහ ධනාත්මක ප්‍රතිචාරයක් දක්නට ලැබුණි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් MRIA කලාපීය ගුවන්සේවා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ විශාල හැකියාවක් පවතින බවයි. එමෙන්ම නවීන ගුවන්තොටුපළක් යනු මගී ප්‍රවාහනයට පමණක් සීමා නොවී ආයෝජන, රැකියා උත්පාදනය සහ කලාපීය ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම අවස්ථාව සඳහා Airports and Aviation Services (Sri Lanka) (Private) Limited (AASL) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නිලධාරීන්, ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා, AASL ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.






