The Leader News
BREAKING
Top Ad
පුවත්

'නැවත ආර්ථික අර්බුදයක් ඇති වෙන්න දෙන්නේ නෑ'- ජනපති

T

The Leader Desk

May 22, 2026 • 3:15 PM

 'නැවත ආර්ථික අර්බුදයක් ඇති වෙන්න දෙන්නේ නෑ'- ජනපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියි.
  • ඔහු මේ බව සඳහන් කළේ, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (මැයි 22) පෙරවරුවේ එක් වෙමිනි.
  • මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.
  • ඒ වෙනුවෙන් රජය මේ වන විට සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර තිබෙන බව ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (මැයි 22) පෙරවරුවේ එක් වෙමිනි.

මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.

රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම මෙන් ම, ජාතිවාදයට ඉඩ නොතැබීම, දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමත්, දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීමත් වත්මන් රජයට බලයට පත් කරගැනීමේදී ජනතාව ලබා දුන් ජනවරමේ අපේක්ෂාව වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ඒ වෙනුවෙන් රජය මේ වන විට සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර තිබෙන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමේ වගකීම තම රජය යටතේ ඉටු නොවුණහොත් වෙනත් කිසිදු රජයක් යටතේ එය ඉටු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අද බලය, ධනය සහ තරාතිරම නොබලා සෑමට නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද පෙන්වා දුන්නේය.

එසේ ම, විශ්‍රාම වැටුප ඇතුළු දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද අහෝසි කර දේශපාලකයා මහජනතාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...