The Leader News
BREAKING
Top Ad
පුවත්

'කෙවිටක් අරගෙන පොලිසිය පස්සෙන් යන්න සිද්ධ වුණා' - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

T

The Leader Desk

May 23, 2026 • 4:36 AM

'කෙවිටක් අරගෙන පොලිසිය පස්සෙන් යන්න සිද්ධ වුණා' - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැකකාර පල්ලේගම හේමරතන හිමියන් "තමන්ව දූෂණය කළ" බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිළිගත හැකි සාක්ෂි සහිතව දැරිය ප්‍රකාශ කර ඇති තත්ත්වයක පොලිසිය සැකකාර හිමියන් රැඳී සිටින විහාරස්ථානයට ගොස් ප්‍රකාශ ලබාගෙන උන්වහන්සේ මුදාහැර ඇති බව ද නීතීඥවරිය පැවසුවා ය.
  • විත්තියේ කරුණු දැක්වීම නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ, මූලික විමර්ශන අවසන් කර, එහි ලිපිගොනු ඉදිරි උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.
  • සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ අතර, විමර්ශන අවසන් බවත්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේවාට බලපෑම් කරන බවට කියන කතා අසත්‍ය බැවින් ඕනෑ ම ඇප කොන්දේසියක් මත තම සේවාදායක හිමිනම මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීනීඥ සජීවනී අබේකෝන් අධිකරණයට කරුණු දක්වමින් එසේ පැවසුවේ, බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුකාරය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

 සැකකාර පල්ලේගම හේමරතන හිමියන් "තමන්ව දූෂණය කළ" බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිළිගත හැකි සාක්ෂි සහිතව දැරිය ප්‍රකාශ කර ඇති තත්ත්වයක පොලිසිය සැකකාර හිමියන් රැඳී සිටින විහාරස්ථානයට ගොස් ප්‍රකාශ ලබාගෙන උන්වහන්සේ මුදාහැර ඇති බව ද නීතීඥවරිය පැවසුවා ය.

විත්තියේ කරුණු දැක්වීම

නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ, මූලික විමර්ශන අවසන් කර, එහි ලිපිගොනු ඉදිරි උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ අතර, විමර්ශන අවසන් බවත්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේවාට බලපෑම් කරන බවට කියන කතා අසත්‍ය බැවින් ඕනෑ ම ඇප කොන්දේසියක් මත තම සේවාදායක හිමිනම මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න,  බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ මුදලට චේතනාන්විතව ම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළේ ය.


වැඩිදුරටත් විස්තර :

පල්ලේගම හේමරතන හිමිට නියම කළ ඇප කොන්දේසි මොනවා ද? සිද්ධියට සම්බන්ධ කරුණු රැසක් අධිකරණයේදී හෙළි වෙයි


  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...